පරිශීලක අවශ්‍යතා සහ වෙබ් අඩවි සැලසුම්කරණය විශ්ලේෂණය
වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට පෙර ක්‍රමානුකූලව සැලසුම් කිරීම (Information Layout) අත්‍යවශ්‍ය වේ.
-
වෙබ් අඩවියක අරමුණු නිර්වචනය කිරීම: වෙබ් අඩවිය නිර්මාණය කරන්නේ ඇයිද සහ ඉන් ඉලක්ක කරන්නේ කුමන පරිශීලක පිරිසක්ද (Target Audience) යන්න තීරණය කිරීම.
-
ප්‍රදර්ශනය කළ යුතු අන්තර්ගතයන් (Contents to be displayed): වෙබ් අඩවියේ අඩංගු විය යුතු පෙළ (Text), රූප (Images), ශ්‍රව්‍ය (Audio) සහ දෘශ්‍ය (Video) වැනි බහුමාධ්‍ය අංග හඳුනා ගැනීම.
-
වෙබ් පිටු සහ අන්තර්ගතයන් හඳුනා ගැනීම: වෙබ් අඩවියක් ප්‍රධාන පිටුවකින් (Home page) සහ අනෙකුත් සම්බන්ධිත පිටු (Linked pages) වලින් සමන්විත වේ.
-
සංචාලන ව්‍යුහය (Navigation Structure): පරිශීලකයාට වෙබ් පිටුවෙන් පිටුවට පහසුවෙන් මාරු වීම සඳහා මෙනු පද්ධති (Menus) සහ හයිපර්ලින්ක් (Hyperlinks) සකස් කරන ආකාරයයි. මෙය ප්‍රධාන වශයෙන් කොටස් 3කි:
-
Hierarchical (ධුරාවලි ව්‍යුහය)
-
Linear/Sequential (රේඛීය ව්‍යුහය)
-
Webbed/Network (ජාලගත ව්‍යුහය)
-
Rate this Lesson
Login to rate this lesson