Lessons / Grade 13 / Information and Communication Technology - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (20)
Grade 13 Information and Communication Technology - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (20)

වෙබ් අඩවි වල අවශ්‍යතාවය සහ ව්‍යුහය ගවේෂණය කිරීම

By Admin 👁 9 views

 

1. ලෝක ව්‍යාප්ත වෙබය (World Wide Web - WWW)

ලෝක ව්‍යාප්ත වෙබය යනු අන්තර්ජාලය (Internet) හරහා ප්‍රවේශ විය හැකි, එකිනෙකට සම්බන්ධ කරන ලද බහුමාධ්‍ය ලේඛන (Hypertext Documents) විශාල ප්‍රමාණයක එකතුවකි. මෙහිදී තොරතුරු හුවමාරුව සඳහා ප්‍රධාන වශයෙන් HTTP (Hypertext Transfer Protocol) භාවිතා වේ.

2. වෙබ් අඩවි වර්ග (Types of Websites)

භාවිතා වන අරමුණ අනුව වෙබ් අඩවි විවිධ කාණ්ඩවලට බෙදා දැක්විය හැක:

  • තොරතුරු සහ පුවත් වෙබ් අඩවි (Information & News): දිනපතා තොරතුරු සහ පුවත් ලබාදීම (උදා: BBC, ලංකාදීප වෙබ් අඩවිය).

  • පෞද්ගලික වෙබ් අඩවි (Personal): පුද්ගලයෙකු තමා ගැන හෝ තමාගේ නිර්මාණ ඉදිරිපත් කිරීමට පවත්වාගෙන යන වෙබ් අඩවි (Blogs).

  • අධ්‍යාපනික වෙබ් අඩවි (Educational): ඉගෙනුම් සහ ඉගැන්වීම් කටයුතු සඳහා උපකාරී වන වෙබ් අඩවි (උදා: MoE වෙබ් අඩවිය, ශිෂ්‍යත්ව/විභාග වෙබ් අඩවි).

  • වාණිජ වෙබ් අඩවි (Commercial / E-commerce): භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට සහ විකිණීමට භාවිතා කරයි (උදා: Amazon, Ikman.lk).

  • පර්යේෂණ වෙබ් අඩවි (Research): විද්‍යාත්මක හෝ ශාස්ත්‍රීය පර්යේෂණ තොරතුරු ඇතුළත් වෙබ් අඩවි (උදා: Google Scholar).

3. වෙබ් ද්වාර (Web Portals)

වෙබ් ද්වාරයක් යනු පරිශීලකයෙකුට අවශ්‍ය විවිධ සේවාවන් රැසක් (Email, පුවත්, සෙවුම් යන්ත්‍ර, කාලගුණය) එකම ස්ථානයකින් ලබාගත හැකි පරිදි සකස් කළ විශේෂ වෙබ් අඩවියකි. (උදා: Yahoo, MSN).

 

Rate this Lesson

Login to rate this lesson