තනි වෙබ් පිටුවක් සැලසුම් කිරීම සඳහා සුදුසු HTML ටැග් හඳුනා ගැනීම
HTML (Hypertext Markup Language) යනු වෙබ් පිටුවල ව්‍යුහය සැකසීමට ගන්නා සලකුණු භාෂාවකි.
1. වෙබ් පිටුවක මූලික ගොඩනැඟුම් ඒකක (Basic Structure)
සෑම HTML 5 ලේඛනයක්ම ආරම්භයේදී <!DOCTYPE html> ලෙස ප්‍රකාශ කළ යුතුය. මූලික ව්‍යුහය පහත පරිදි වේ:
<!DOCTYPE html>
<html>
<head>
<title>පිටුවේ මාතෘකාව</title>
</head>
<body>
මෙහි වෙබ් පිටුවේ ප්‍රදර්ශනය වන සියලුම අන්තර්ගතයන් ඇතුළත් වේ.
</body>
</html>
-
<html></html>: මුළු HTML ලේඛනයම වටකර පවතී (Page definition). -
<head></head>: වෙබ් පිටුව පිළිබඳ පාරදත්ත (Metadata) සහ පිටුවේ මාතෘකාව අඩංගු වේ. -
<title></title>: බ්‍රවුසරයේ ඉහළ ටැබ් එකෙහි දිස්වන මාතෘකාව ලියා දක්වයි. -
<body></body>: පරිශීලකයාට වෙබ් පිටුවේ දෘශ්‍යමාන වන සියලුම කොටස් අඩංගු වන ප්‍රධාන කොටසයි.
2. මූලික HTML ටැග් සහ හැඩසැසීම් (Formatting Tags)
-
පසුබිම් වර්ණය (Background Color): HTML5 වලදී body හි පසුබිම් වර්ණය CSS මඟින් සිදුකිරීම නිර්දේශ කලද, පැරණි ක්‍රමයට
<body bgcolor="yellow">ලෙසද දැක්විය හැක. -
ශීර්ෂ ටැග් (Heading Tags): ප්‍රධාන මාතෘකා වල සිට උප මාතෘකා දක්වා ප්‍රමාණ 6 කි.
<h1>විශාලම වන අතර<h6>කුඩාම වේ.-
<h1>Heading 1</h1>...<h6>Heading 6</h6>
-
-
ඡේද ටැගය (Paragraph Tag):
<p>...</p>නව ඡේදයක් ආරම්භ කිරීමට. -
පේළි බිඳීම (Line Break):
<br/>ඡේදයක් නොබිඳ ඊළඟ පේළියට යාමට (Empty tag එකකි). -
පෙළ හැඩසැසීම්:
-
<b>...</b>හෝ<strong>...</strong>- තද අකුරු (Bold) -
<i>...</i>හෝ<em>...</em>- ඇල අකුරු (Italic) -
<u>...</u>- යටින් ඉරක් ඇඳීම (Underline)
-
-
අකුරු හැඩසැසීම (Font Tag): අකුරුවල ප්‍රමාණය (Size) සහ වර්ණය (Color) වෙනස් කිරීමට.
-
<font size="4" color="blue">පෙළ මෙතනට</font>
-
-
අදහස් දැක්වීම් (Adding Comments): කේතය කියවන්නාගේ පහසුව සඳහා ලියා තබන, බ්‍රවුසරයේ දර්ශනය නොවන සටහන්.
Rate this Lesson
Login to rate this lesson