නාම පද

              නාම පදයක් යනු ” කිසියම් තැනක් ,  දෙයක් , කෙනෙක්   හැදින්වීම සදහා යොදා ගන්නා පදය යි”

@ නාම පද වර්ග 4 කි

01. පුද්ගල නාම පද   

      බිමල්, නිමල්, කමල්, චමල්, අක්ලා, චෙසදු,           

02. සත්තව නාම පද 

         බල්ලා, පූසා, ගිරවා, වදුරා, මයිනා           

03. ද්‍රව්‍ය නාම පද     

         පු‍ටුව, මේසය, බංකුව, පොත, පෑන  

04. ස්ථාන නාම පද

       කඩවත ,ගාල්ල , රත්නපුර, කදාන, අම්පාර


නාම පද ප්‍රධාන වශයෙන් වර්ග කීපයකට වෙන් කළ හැකිය, ඒවා පහත දැක්වේ.

01. ප්‍රාණවාචි නාමපද       

             ගුරුවරයා, අම්මා, ස්වාමියා, කොටියා          

02. අප්‍රාණවාචී නාම පද       

               ගස, පු‍ටුව, අල්මාරිය, පහන, උදැල්ල     

03. පුරුෂ ලිංග නාම පද   

                තාත්තා, රජු, අයියා, පුතා, මාමා     

04. ස්ත්‍රී ලිංග නාම පද

               අම්මා, ‍රැජින, අක්කා, දුව, නැන්දා

05. ජාති නාම ( ප්‍රාණවාචි ) 

                  සතුන්, පක්ෂීන් ,             

06. ජාති නාම ( අප්‍රාණවාචි ) 

                   පළතුරු      

07. ද්‍රව්‍ය නාම ( නපුංසක )   

08. ගුණ නාම

           දක්ෂ, වේගවත්

09.උක්ත නාම                                 

10. අනුක්ත නාම                       

11. පොදුනාම                                 

12. සමූහනාම

      පෙළ , මුල , ගණ , රංචුව , කැල , සමූහය, රාශිය, වැල , ‍රැස, 
13. භාවවාචක නාම 

සිදත් සඟරාකරුවා සිංහල නාම පද පස් වැදෑරුම් කොට දක්වයි.

1. ජාති නාම 

2. ද්‍රව්‍ය නාම

3. ගුණ නාම 

4. ක්‍රියා නාම 

5. සංඥා නාම     මෙම නාමපද ප්‍රාණවාචි හා අප්‍රාණවාචි යනුවෙන් නැවත කොටස් දෙකකට බෙදෙයි.                 නාම පද පුරුෂ අනුව ද  කොටස් තුනකට බෙදෙයි.  එනම්, 

  • උත්තම පුරුෂ          – මම – අපි 
  • මධ්‍යම පුරුෂ           – නුබ – නුබලා
  • ප්‍රථම පුරුෂ             – ඔහු – ඔවුහු

 යනුවෙනි

භාෂාව යනු මානවයා විසින් ඔවුන් අතර අදහස් හුවමාරු කර ගන්නා වූ ප්‍රධානතම මාර්ගය වේ. වාග් විද්‍යාවේදී භාෂාව ලෙස අදහස් කරන්නේ “ශබ්ධ උච්ඡාරණය හා ශ්‍රවණය මගින් මිනිසුන් අතර අන්‍යෝන්‍ය වශයෙන් අදහස් හා හැඟීම් හුවමාරු කර ගන්නා මාර්ගය”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *