පරිගණක පරම්පරා (COMPUTER GENERATIONS)

පරිගණක පරම්පරා (COMPUTER GENERATIONS)

පරිගණකයේ ආරම්භය වූයේ, ගණනය පහසු කිරීම සඳහා උපකරණයක් නිපදවීමයි. මේ හේතුවෙන් අවුරුදු 5000කට පමණ පෙර දී ඇබකසය (Abacus) නම් උපකරණය නිර්මාණය විය.

චාල්ස් බැබේජ් (Charles Babbage) – මොහු පරිගණකයේ පියා ලෙස හඳුන්වනු ලබයි. සිදුරුපත් පද්ධතිය (Punch Card System) සංකල්පය භාවිත කර Analytical Engine නම් උපකරණය නිර්මාණය කළේ ය. මෙම උපකරණයේ ආදානය, සකස් කිරීම, ප්‍රතිදානය සහ ආචයනය යන සංකල්ප යොදා තිබුණි. මොහුගේ මෙම සංකල්ප පරිගණකයේ දියුණුවට ඉවහල් විය.

ඔහුගේ මෙම යන්ත්‍රය සඳහා පරිගණක වැඩසටහන් සකස් කිරීමට උත්සාහ දරන ලද “ඇඩා ඔගස්ටා ලව්ලේස්” ලොව ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය ලෙස හැඳින්වේ.

පරිගණක සංකල්ප ආරම්භය අවුරුදු 5000කට පමණ පෙර දී සිදු වුවත් ස්වයංක්‍රීය
අවධියේ සිට පරිගණකයේ පරිණාමය පරම්පරා කිහිපයකට ඛෙදා දැක්විය හැකි ය.




1. පළමු වන පරම්පරාවේ පරිගණක (FIRST GENERATION COMPUTERS) –
(1940 – 1956)

පළමු පරිගණකය සැදීමේදී රික්ත නලයක් (Vacuum Tubes) භාවිතා කර ඇත. මෙහි මතකය ලෙස Magnetic Drum භාවිත කර ඇත. එමෙන්ම මෙම පරිගණකය කාමරයක තරම් විශාලත්වයකින් යුක්ත විය. මෙය ක්‍රියාත්මක වීමේදී ඉතා විශාල විදුලි බලයක් අවශ්‍ය වී ඇත. එම නිසා මේ සදහා ලොකු වියදමක් දැරීමට සිදුවී ඇත. එලෙසම මෙය භාවිතා කරන අධික විදුලි බලය නිසා විශාල වශයෙන් තාපය ඉපදවීමද එමගින් පරිගණකයේ කාර්යක්ෂමතාවය අඩු වීමද ලොකු අවාසියක් විය.

මේ අවදියේදී පරිගණකය සමග ක්‍රියාකිරීමට භාවිත කල භාෂාව Machine Language නම් වන අතර මෙය පරිගණක භාවිතයේදී යොදා ගනු ලැබූ පහල මට්ටමේ පරිගණක භාෂාවකි. එම නිසා මෙම පරිගණක මගින් වරකට විසදිය හැකි වුයේ එක ගැටළුවක් පමණි. මෙයට දත්ත ඇතුළු කිරීමට Punch Card ලෙස හදුන්වනු ලැබූ සිදුරු සහිත Card පත් හෝ කඩදාසි පටි භවිතා කල අතර මෙහි විසදුම් මුද්‍රණය කිරීමෙන් ලබා ගෙන ඇත.
මෙම යුගයේ භාවිතා කල පරිගණක අතර UNIVAC සහ ENIAC යන පරිගණක හැදින්විය හැක.

2. දෙවන පරම්පරාවේ පරිගණක (SECOND GENERATION COMPUTERS) –
(1956 – 1963)

Vacuum Tube වෙනුවට Transistors භාවිතා කරමින් නිපදවන ලද පරිගණක මෙම යුගයේදී බිහිවිය. 1947දී Transistors සොයා ගැනිමත් සමග මෙම අවදියේ නිපදවූ පරිගණක වල විශේෂ වෙනස්කම් කිහිපයක් සිදු විය. පරිගනකයේ විශාලත්වය කුඩා වීම, කාර්යක්ෂම වීම, ලාබදායි වීම ඒ අතරින් ප්‍රධාන වේ. මෙය පළමු යුගයේ පරිගණක වලට වඩා විශ්වාස දායි වුවද Transistors මගින් නිපදවන තාපය පෙර පරිදිම විය. මේ නිසා පරිගනකයට සිදු වන හානියෙහි වෙනසක් සිදු නොවීය.
මෙම යුගයෙදී ද දත්ත අතුලත් කිරීමට Punch Card ලෙස හදුන්වනු ලැබූ සිදුරු සහිත Card පත් හෝ කඩදාසි පටි භාවිතා කල අතර විසදුම් මුද්‍රණය කිරීමෙන් ලබා ගෙන ඇත.
තාක්ෂණයේ සිදුවූ වෙනසත් සමග පරිගණක භාෂාවේ වෙනසක් සිදු විය. එනම්, සංකේත යොදා ගනිමින් පරිගණකය සමග ගණුදෙනු කල හැකි වූ අතර එයට ඇතුලත් කල විධාන වචන ලෙස ඇතුලත් කිරීමට හැකි විය. Cobol සහ Fortran යන පරිගණක භාෂාවන්ගේ මුලාරම්භය මෙය ලෙස සැලකිය හැකියි.
මෙම පරිගනකද මුල් යුගයේ පරිගණක මෙන්ම දෙනු ලබන විධානයන් මතකයේ රදවාගන්නට සමත් වූ අතර ඒ සදහා යොදා ගත් Magnetic Drum වෙනුවට Magnetic Core යන තාක්ෂනය භාවිතා කරනු ලැබීය.

3. තුන් වන පරම්පරාවේ පරිගණක (THIRD GENERATION COMPUTERS) –
(1964 – 1975)

ප්‍රධාන දෘඪාංග තාක්ෂණය – අනුකලිත පරිපථ (Integrated Circuit), ද්විතීයික ආචයනය කිරීම සඳහා ධාරිතාවෙන් ඉහළ තැටි, දත්ත ආදානය සඳහා යතුරු පුවරුව (Keyboard) හා මූසිකය (Mouse)

භාවිත කරන ලද මෘදුකාංග – මෙහෙයුම් පද්ධතිය බිහි වීම, වැඩි දියුණු වූ උසස් මට්ටමේ වැඩසටහන් භාෂාව, කේතනය සඳහා උසස් මට්ටමේ (High Level) පරිගණක භාෂා භාවිතය.

ලක්ෂණ – ප්‍රමාණයෙන් කුඩා වෙයි, අඩු තාප ප්‍රමාණයක් නිපදවයි, වේගවත් වේ, මිලෙන් අධික වෙයි, අඩු විදුලිය පරිභෝජනයක් ඇත.

4. හතර වන පරම්පරාවේ පරිගණක (FOURTH GENERATION COMPUTERS) –
(1975 – 1989)

තාක්ෂණයේ ඇති වූ දියුණුවත් සමග සංගෘහිත පරිපථ දස දහස් ගණනක් එකට එකතු කොට තනි Silicon Chip 1ක් සාදන ලදී. මෙය වර්තමානයේ අප භාවිතා කරන Processor එක ලෙස හදුන්වයි. මෙම Microprocessor පරිගණක තාක්ෂණයට විශාල වෙනසක් සිදු කිරීමට සමත් විය. මුල් යුගයේ කාමරයක් තරම් වූ පරිගණකය අතේ ගෙන යාමට හැකි තරමේ කුඩාවට නිෂ්පාදනය කිරීමට මෙම තාක්ෂණයට හැකි විය.

ප්‍රථමයෙන් 1981දී IBM සමාගම විසින් ගෘහස්ථ භාවිතය සදහා පරිගණකයක් නිපදවීය. මෙතැන් පටන් ක්‍රමයෙන් කුඩා වන ලෙසත් පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි ලෙසත් පරිගණක නිෂ්පාදනය විය. මේවා මුල් යුගයේ පරිගණක වලට වඩා බෙහෙවින් කුඩා වූ බැවින් පහසුවෙන් ජාල ගත කිරීමට ද පුළුවන් විය.

5. පස් වන පරම්පරාවේ පරිගණක (FIFTH GENERATION COMPUTERS) –
(1989 සිට මේ දක්වා)

පරිගණක විකාශනයේ ඉතාමත්ම වැදගත් අවධිය ලෙස මෙය හැදින්විය හැක. පරිගණකයටම වෙන්වූ බුද්ධියක් සමග පරිගණක ක්‍රියා කිරීම ආරම්භ විය. පරිගණකයේ වර්තමාන සහ අනාගත අවධිය දැක්වෙන යුගය ලෙස මෙය සැලකේ.

වර්තමානයේ භාවිත වෙන Voice Recognition වැනි වැඩසටහන් භාවිත විම ඇරඹීමත් Parallel Processor සහ Super Conductor වැනි පරිපථ පරිගණකයේ භාවිතා වන කෘතීම බුද්ධිය (Artificial Intelligence) වැඩි දියුණු කිරීමටත් හේතු විය.

අවසානයේ පරිගණක හැසිරවීමට විධාන ලබා දිම සදහා සාමාන්‍ය භාවිත කරන භාෂාවන් භාවිතයට හැකි වී ඇති අතර මෙය Nature Language නම් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

More Articles & Posts