දත්ත වලංගුතා ක්‍රම (Data Validation Methods)

දත්ත වලංගුතා ක්‍රම (Data Validation Methods)

ආදානය කරනු ලබන දත්ත සැකසුම් ක්‍රියාවලියකට භාජනය කර තොරතුරු බවට පරිවර්තනය කිරීම තොරතුරු පද්ධතියකින් සිදුවේ. ආදානය කරනු ලබන දත්තවල වලංගුභාවය හා නිවැරදිභාවය තොරතුරුවල ගුණාත්මක භාවය කෙරෙහි බලපානු ලබයි. එමනිසා තොරතුරු පද්ධතියකට දත්ත ඇතුළත් කිරීමේදී එහි වලංගුතාවය පරීක්ෂා කිරීම වැදගත් වේ. දත්ත සත්‍යාපනය, දත්ත සැකසුම් ජීවන චක්‍රයේ එක් වැදගත් පියවරකි.

දත්ත සැකසුම් ජීවන චක්‍රය

Data Processing Life Cycle

තොරතුරු පද්ධතියකට දත්ත ඇතුළත් කිරීමේදී දත්ත පිරිසිදු සහ සත්‍ය දත්ත බව සහතික කිරීම දත්ත වලංගුතාවය යන්නෙන් අදහස් කෙරේ. මෙමගින් පද්ධතියක් තුළට ආදානය කරනු ලබන දත්තයන්හි අර්ථාන්විත බව, නිවැරදි බව සහ දත්තයන්හි ආරක්ෂිත බව සොයා බලයි.

පරිගණක පාදක තොරතුරු පද්ධතියක මෙම ක්‍රමවේදය ස්වයංක්‍රියව විවිධ යෙදුම් මෘදුකාංග තුළ අන්තර්ගත කොට ඇති අතර ඒ සඳහා භාවිත කරනු ලබන දත්ත වලංගුතා ක්‍රම ගණනාවක් දක්නට ලැබේ.

දත්ත වලංගුතා ක්‍රම (Data Validation Methods)

  1. වර්ග පරීක්ෂාව (Type Check)

මෙහිදී පද්ධතියට ඇතුළත් කරනු ලබන දත්ත වර්ගය (Data Type) පිළිබඳව පමණක් සැලකිල්ලට ගනු ලබයි. අදාළ ස්ථානය සඳහා ඇතුළත් කළ යුත්තේ සංඛ්‍යාවක් නම් ඇතුළත් කිරීමට ඉඩ ලබා දෙනුයේ ඉලක්කම් පමණි.

උදා: අංක 0 (බිංදුව) වෙනුවට ඉංග්‍රීසි O (ඕ) අක්ෂරය ආදානය කළ හොත් ඇතුළත් කළ දත්තය වැරදි බව දක්වමින් පණිවිඩ කවුළුවක් (Notification Alert) ස්වයංක්‍රීයව පරිගණක තිරයේ දිස්වේ.

  1. ඇතිබව පරීක්ෂාව (Presence Check)

යම් යම් අත්‍යවශ්‍ය දත්ත ආදානය අතපසු වීම හෝ මඟ හැරීම වලක්වා ගැනීම මෙම පරීක්ෂාවේ දී සිදුවේ. අත්‍යවශ්‍ය වූ දත්ත සියල්ල ආදානය කර ඇත්දැයි පරීක්ෂා කර ආදානය කර නොමැති නම් පණිවිඩ කවුළුවක් (Notification Alert) ස්වයංක්‍රීයව පරිගණක තිරයේ දිස්වීම හෝ දත්ත සකසමින් ක්‍රියාවලිය ඉදිරියට ගමන් කිරීම අවහිර කරනු ලබයි.

  1. පරාස පරීක්ෂාව (Range Check)

ඇතැම් දත්තයන් විවිධ වූ පරාසයන් අතර පවතී. ඊට අදාළ දත්තය ආදානය කිරීමේ දී අදාළ වූ පරාසය තුළ ඇත්දැයි පරීක්ෂා කිරීම මෙහිදී සිදුවේ.

උදා: 1-20 ත් අතර ප්‍රථමක සංඛ්‍යා ආදානය කිරීමේ දී එම අවස්ථාවේ දී ආදානය කරනු ලබන සංඛ්‍යාව එම පරාසය තුළදැයි පරීක්ෂා කර එසේ නොවේ නම් දත්තය වැරදි බව දක්වමින් පණිවිඩ කවුළුවක් (Notification Alert) ස්වයංක්‍රීයව පරිගණක තිරයේ ප්‍රදර්ශනය කිරීම සිදුවේ.

  1. සෝදිසි සංඛ්‍යාංක (Check Digits)

කලින් ආදානය කරනු ලබන ඉලක්කම් කේත 2ක් හෝ 3ක් සමඟ නව ඉලක්කම් කේතය සැසඳීම මින් සිදු කරයි.

උද:- සුපිරි වෙළද සැල්වල භාණ්ඩ සදහා bar cord යොදා තිබීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

More Articles & Posts