Lessons / Grade 10 / Science-විද්‍යාව
Grade 10 Science-විද්‍යාව

1. ජීවයේ රසායනික පදනම 🧬

By Yonali Withumja 👁 48 views

1. ජීවයේ රසායනික පදනම 🧬

 

⚗️ජීවී දේහය තැනී ඇත්තේ මුලද්‍රව්‍ය විවිධ ස්වරුපයෙන් සංයෝජනය වීමෙනි.ස්වභාවයේ පවතින මුලද්‍රව්‍ය 92ක් අතරින් 25ක් පමණ ජීවී දේහය තුල අඩංගු වේ .මේවා විවිධ ආකාරයෙන් දේහයේ විවිද ස්ථානවල පවතී . පහත මුලද්‍රව්‍ය ජීවී දේහය නිර්මාණය වීමට වැඩි දායකත්වයක් සපයා ඇත .

   

 

⧫ඔක්සිජන්  65%

⧫කාබන්     18%

⧫හයිඩ්‍රජන්  10%

⧫නයිට්‍රජන්  03%

⧫වෙනත්     04%

 

⦽සජීවී පදාර්ථය නිර්මාණය වී ඇති සංයෝග ප්‍රධාන කොටස් දෙකකට වෙන් කල හැකිය .

 

1.කාබනික සංයෝග                            2.අකාබනික සංයෝග 

 ♦️කාබෝහයිඩ්‍රේට                             ♦️ඛනිජ ලවන 

 ♦️ලිපිඩ                                           ♦️ජලය

♦️ප්‍රෝටීන                                        ♦️වායු වර්ග 

♦️නියුක්ලෙඉක් අම්ලය            



🔻කාබෝහයිඩ්‍රේට                             

  

🔺බත් ,රොටි, පාන්, බතල  වැනි ආහාරවල අඩංගු වේ.

🔺C ,H ,O  මුලද්‍රව්‍ය සංයෝජනයෙන් සැදී ඇත .

🔺මෙහි H ට O  2:1අනුපාතයෙන් මිශ්‍ර වී ඇත.



කාබෝහයිඩ්‍රේට සැදී ඇති ආකාරය අනුව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදිය හැක .

1.මොනොසැකරයිඩ

2.ඩයිසැකරයිඩ්

3.පොලිසැකරයිඩ

 

🧬1.මොනොසැකරයිඩ

 කාබෝහයිඩ්‍රේටවල තැනුම් ඒකකය ලෙස අප සලකනු ලබන්නේ මෙයයි. ස්ඵටික ස්වරුපයක් ගන්නා මේවා ජලයේ හොදින් දිය වේ .මේවා පැණි රසය .අපට මොනොසැකරයිඩ පහත ආකරයට වර්ග කල හැකි අතර ඒවායේ ස්වභාවය අනුව ග්ලුකෝස් , පෘක්ටෝස් , ගැලක්ටෝස්  යන කොටස් තුනකි .

ඒවා විවිදය .



🧬2.ඩයිසැකරයිඩ්

මොනොසැකරයිඩ අනු දෙකක් එක වීමෙන් ඩයිසැකරයිඩ් අනු සෑදේ . මෙහිදී එක ජල අනුවක් නිදහස් වීම සිදු වේ . මේවා ජලයේ ද්‍රව්‍ය වන අතර පැණි රස ස්පටික වේ.

 

 

 

🧬3.පොලිසැකරයිඩ

මොනොසැකරයිඩ අනු රාශියක් බහු අවයවිකරණය වීමෙන්  පොලිසැකරයිඩ සැදේ . එමෙන්ම පොලිසැකරයිඩ ජලවිච්චේදනය වීමෙන් නැවත මොනොසැකරයිඩ සැදේ . මේවා ඇල් ජලයේ අද්‍රව්‍ය වන අතර ස්පටිකරුපි නොවන සංයෝගයකි .

 

☀️කාබෝහයිඩ්‍රේටවල වැදගත්කම 

 

ශක්ති ප්‍රබවයක් ලෙස 

සංචිත ආහාරයක් ලෙස 

ජිවින්ගේ ව්‍යුහ සන්ගටකයක් ලෙස 

නියුක්ලෙඉක් අම්ලවල සන්ගටකයක් ලෙස 






🔻ප්‍රෝටීන් 

 

සියලුම ජීවී සංඝටකවල  අත්‍යවශ්‍ය සංඝටකයක් ලෙස ප්‍රෝටීන් හැදින්විය හැක . මේවයේ සෑම විටම C ,H ,O ,N  යන මුලද්‍රව්‍ය අඩංගු වේ , ඇතැම් විට S  මුලද්‍රව්‍යද දැක ගත හැකිය .  මිනිස් සිරුර සලකු විට එහි සංයුතියෙන් 17% පමණ  සැදී ඇත්තේ ප්‍රෝටීන් වලිනි . ප්‍රෝටීන් යනු සංකීර්ණ කාබනික සංයෝගයකි , මෙය සැදී ඇත්තේ ඇමයිනෝ අම්ල අනු බහු අවයවිකරණ  වීමෙනි .

 

☀️ප්‍රෝටීන්වල වැදගත්කම 

 

ශක්ති ප්‍රබවයක් ලෙස 

ව්‍යුහාත්මක සංඝටක සැදීම සදහා 

එන්සයිම ලෙස ක්‍රියා කිරීම 

හෝර්මෝන ලෙස ක්‍රියා කිරීම 

ප්‍රතිදේහ ලෙස ක්‍රියා කිරීම 



🔻එන්සයිම 

 ජීවී දේහ තුල සිදු වන  ජෛව රසායනික ක්‍රියාවලි  උත්ප්‍රේරණය කිරීම සදහා වැදගත් වන විශේෂිත ප්‍රෝටීනය එන්සයිම ලෙස හදුන්වයි .



🔻ලිපිඩ 

 

ස්වභාවයේ පවතින ආකාරය අනුව ප්‍රධාන ආකාර දෙකකි .

1.මේදය - බටර් , චීස් , මාගරින් 

2.තෙල් - පොල්තෙල් , සත්ව තෙල් 

 

මේදයෙහි C ,H ,O  යන මුලද්‍රව්‍ය අඩංගු වේ .

මේද අම්ල හා ග්ලිසරෝල් එක් වීමෙන් ලිපිඩ සැදී ඇත .

 

☀️ලිපිඩවල වැදගත්කම 

ශක්ති ප්‍රභවයක් ලෙස 

විවිද ව්‍යුහාත්මක සංඝටක සැදීම සදහා 

ජල සංරක්ෂණය සදහා 

දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාම සදහා 

අබ්යන්තර ඉන්ද්‍රියවල ආරක්ෂාව සදහා 

ඇතැම් හෝමෝන සංස්ලේෂණය සදහා 






Lesson PDF

Download to view offline

Download PDF

Rate this Lesson

Login to rate this lesson