1. ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය
මූලාශ්‍ර යනු
• ඉතිහාසය හැදෑරීමට ඉවහල් වන දෑය.
මූලාශ්‍ර වර්ගීකරණය
i. සාහිත්‍ය මූලාශ්‍ර
ii. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර
01. සාහිත්‍ය මූලාශ්‍රය
• අතීත ප්‍රජාව විසින් විවිධ කාලවකවානුවල ලියන ලද ග්‍රන්ථ, ලේඛන හෝ වාර්තා සාහිත්‍ය මූලාශ්‍ර ලෙස හැඳින්වේ.
සාහිත්‍ය මූලාශ්‍රය වර්ග
I. දේශීය සාහිත්‍ය මූලාශ්‍රය
II. විදේශිය සාහිත්‍ය මූලාශ්‍රය
1.දේශීය සාහිත්‍ය ය මූලාශ්‍රය
අදින් වසර දෙදහසකට පමණ පෙර ලාංකිකයන් විසින් ගද්‍ය, පද්‍ය වශයෙන් වරින් වර ලියන ලද කෘති සාහිත්‍ය මූලාශ්‍රය ලෙස හැඳින්වේ.
නිදසුන්: දීපවංසය, මහාවංශය, මහාවංස ටීකාව, බෝධි වංශය, ථූපවංශය, ධාතුවංශය, පූජාවලිය, සද්ධර්මලංකාරය, නිකාය සංග්රහය, රාජාවලිය, සන්දේශ කාව්‍ය (මයුර,තිසර,සැළලිහිණි) , ප්රශස්ති කාව්‍ය (පැරකුම්බා සිරිත),හටන් කාව්‍ය (සීතාවක හටන,කොන්ස්ත්න්තිනූ හටන,ඉංග්රීසි හටන)
ඉතිහාසය ගොඩනැගීමට සාහිත්‍ය මූලාශ්‍රය යොදා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
• මූලාශ්‍රය රචනා වූ කාලය
• මූලාශ්‍රයේ කතුවරයා
• කතුවරයාගේ අරමුණ
• මූලාශ්‍රයට කරුණු සපයා ගත් ආකාරය
2.විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය
විදේශිකයන් විසින් මෙරට පිළිබඳ තොරතුරු සඳහන් කරමින් ලියන ලද කෘති විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය ලෙස හැඳින්වේ
විදේශීය මූලාශ්‍ර වල ලංකාව පිළිබඳ තොරතුරු සඳහන්වීමට බලපෑ හේතු
• අනුරාධපුර යුගයේ මුල් භාගයේ සිටම විදේශ රටවල් සමඟ වෙළඳ සබඳතා පැවැත්වීම
• ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අතීතයේ සිට පැවති සමීප සබඳතා
• පෘතුගීසි ඕලන්ද සහ ඉංග්‍රීසි ජාතීන් මෙරට යටත් විජිතයක්ව පවත්වා ගැනීම
ශ්‍රී ලංකාවට පැමිණෙන මෙහි ඇති තතු දැක බලා ඒ පිළිබඳව තබන ලද වාර්තා
• චීන මූලාශ්‍රය - පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාව
• අරබි මූලාශ්‍රය - ඉබන් බතුතාගේ දේශාටන වාර්තාව
• පෘතුගීසි මූලාශ්‍රය - රිබෙයිරෝගේ ලංකාව පිළිබඳ ග්‍රන්ථය
• ඕලන්ද මූලාශ්‍රය - පිලිප්පස් බැල්ඩියස්ගෙ ලංකා පුරාවෘත්තය
• ඉංග්‍රීසි මූලාශ්‍රය - රොබට් නොක්ස්ගේ "එදාහෙළදිව" කෘතිය
සාහිත්‍ය මූලාශ්‍රවල ප්‍රයෝජන
ඓතිහාසික කාල අනුපිළිවෙල සකස් කර ගැනීමට
එක් එක් අවධිවල දේශපාලන, ආර්ථික, සමාජ සංස්කෘතික තොරතුරු ලබා ගැනීමට
එක් මූලාශ්‍රයක් මගින් ලැබෙන තොරතුරු තවත් මූලාශ්‍රයක් මගින් සනාථ කර ගැනීමට
රටක විදේශීය සබඳතා අධ්‍යයනය කිරීමට
Download to view offline
Rate this Lesson
Login to rate this lesson