UNIT 05. බහු මාධ්‍ය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය

ජාලයක් යනු කුමක්ද ?

සන්නිවේදන මාධ්‍ය සහ සන්නිවේදන උපකරණ මගින් එකිනෙක සම්බන්ධ වූ පරිගණක හෝ පරිගණක උපාංග කිහිපයක එකතුවක් ජාලයක් ලෙස හැදින් වේ .

අන්තර්ජාලය යනු කුමක්ද ?

ලොව පුරා විසිරි පැතිරුණු එකිනෙක සම්බන්ධ කල ජාල රාශියක එකතුවක් අන්තර්ජාලය ලෙස හැදිනවේ .

එය දැනට ලොව පවතින වේගවත්ම සන්නිවේදන සහ සම්පත් බෙදා හැරීමේ ක්‍රමයයි .එය ලොව විශ්ව ගම්මානයක් බවට පත්කර තිබේ .අන්තර්ජාලයට අයිතිකරුවකු නැත .

අන්තර්ජාලය හා සම්බන්ධ තීන්දු තීරණ  The Internet  Society  නම් ආයතනය මගින් ගනු ලබයි . එය අන්තර්ජාලය හ සම්බන්ධ ප්‍රමිතීන් ,අධ්‍යාපනය ,ප්‍රවේශය සහ පිළිවෙත් සම්බන්ධ මුලිකත්වය ගැනීමට 1992 ඇරඹු ලාභ නොවන ඇමරිකානු ආයතනයකි .

අන්තජාලය හා සම්බන්ධ ආචාර ධර්ම, මුලධර්ම සහ නියමාවලි  the  internet society  මගින් නිර්මාණය කරයි .

අන්තර්ජාලයේ ප්‍රථම ක්‍රියාත්මක වන මුලාකෘතිය 1960  දී ARPANET හි බිහිවීමත් සමග නිර්මාණය විය .

ඇමරිකානු යුධමය කටයුතු සදහා නිර්මාණය වුනු ARPANET ජාලය පසුව  සාමාන්‍ය  මහජනතාවගේ භාවිතය සඳහා විවෘත විය .

TCP/IP නියමාවලියෙහි බිහිවීමත් සමග January 1 ,1983 අන්තර්ජාලයේ උපන්දිනය ලෙස සලකයි .

අපගේ පරිගණකයෙන් අන්තර්ජාලය  සමග සම්බන්ධ වූ විට අප අන්තර්ජාලයේ කොටසක් බවට පත්වේ .

IP ලිපින යනු මොනවාද ?

අන්තර්ජාලයට සම්බන්ධ  වී ඇති පරිගණක වෙන්කර හදුනා ගැනීම  සහ  පිහිටුවීම සදහා මේවා භාවිතා කරයි .

මේවා අංකිත ලේබලයන්ය .

මේවා සංසරණ දෙකකි .

        IPv4(1980-present)

         IPv6(1995-present)

විෂය නිර්දේශය තුලදී IPv4  භාවිත කරයි .

මේවා ආකාර දෙකකින් නිරුපනය කරයි .

  1. තිත් දශමය ආකාරය

මිනිසාගේ භාවිත කිරීමේ පහසුව සදහා තිත් දශමය නිරුපනයේදී IP ලිපිනයක තිත් තුනකින් වෙන් වූ 0-255 දක්වා පරාසයේ පිහිටන අගයන් කාණ්ඩ හතරක් පවති.

                 Ex:  192.168.8.1

                            172.64.85.42

2  .ද්විමය ආකාරය 

     යන්ත්‍ර වල පහසුව සදහා ද්විමය නිරුපනයේදී බිටු 32 කි .

          EX: 11110000101010101100101011111100

                110011001010001100000001100111

නිරූපිත අවම   IP  ලිපිනය

     0.0.0.0

නිරූපිත උපරිම IP  ලිපිනය

      255.255.255.255

පරාසය

  • -255.255.255.255

             නිරුපනය කල හැකි උපරිම IP  ප්‍රමාණය

                4,294,967,296

ආසන්න වශයෙන් බිලියන 4.3 ක් .

IP ලිපින අප අන්තර්ජාලයට සම්බන්ධ වණ මොහොතේදී එම වාරයට පමණක් අන්තර්ජාල සේවා සපයන්නා  විසින්  තාර්කිකව පවරනු ලැබේ .

ජාලකරණ සේවා සපයන ආයතනය

දෙපාර්ශවයකට සම්බන්ධ වී සන්නිවේදනය කල හැකි ආකාරයෙන් නිශ්චිත භූගෝලීය පිහිටුමක් තුල ස්ථාපිත ජාලයක් සහිත පුද්ගලයෙක් හෝ ආයතනයක් ජාලකරණ සේවා සපයන ආයතනයකි .

EX:  – Dialog                -Mobitel

       – Hutch                 -SLT

       -Aitel                     -Lanka Bell

අන්තර්ජාල සේවා සපයන ආයතන .

අන්තර්ජාලයට පිවිසිම ,  භාවිතා කිරීම සහ එහි කොටස් කරුවෙකු බවට පත් වීමට අදාල සේවා සපයන අයතනයක් අන්තර්ජාල සේවා සපයන ආයතනයක් ලෙස හැදින්වේ .

EX:  – Dialog                -Mobitel

       – Hutch                 -SLT

       -Aitel                     -Lanka Bell

සේවාදායක පරිගණකය

වෙනත් පරිගණක වලින් ඉල්ලුම් කරන සම්පත්, දත්ත හා සේවා ලබාදෙන පරිගණක සේවාදායක පරිගණක ලෙස හැදින්වේ .

පරිගණක කිහිපයක් සමග එකවර වැඩ කිරීමේ හැකියාව මේවට පවති .

සේවාදායක පරිගණක වල වෙබ් අඩවි පවති.

සේවාලාභී පරිගණකය 

වෙනත් පරිගණක වලින් සම්පත් ,දත්ත සහ සේවා බලාපොරොත්තු වන පරිගණක මේවාය .අන්තර්ජාලයේ සංචරණය කරන අපි මෙයට අයත්ය .

බාගත කිරීම

සේවාදායක පරිගණක වල සිට සේවලාභී පරිගණක වෙත තොරතුරු ඉල්ලුම් කර ලබා ගැනීම බගතකිරිම ලෙස  හැදින්වේ.

උඩුගත කිරීම

සේවාලාභී පරිගණක වල සිට සේවාදයක  පරිගණක වෙත තොරතුරු ලබාදීම උඩුගත කිරීම ලෙස හැදින්වේ .

වසම් නාමයක් යනු කුමක්ද ?

අන්තර්ජාලයේ සැම වෙබ් අඩවියක්ම පොදු ජනතාවට පිවිසීම සදහා සේවාදායක පරිගණකයක් තුල ගබඩා කර පවතී.එම නිසා සෑම සේවාදායක පරිගණකයකම පිහිටීම මහජනතාවට හදුනා ගැනීම සදහා IP ලිපිනයක් පැවතිය යුතුය .නමුත් සෑම වෙබ්  අඩවියකටම පිවිසීම සදහා අංක රාශියක් මතක තබා ගැනීම අපහසුය . වසම් නාමයක් යනු පුදගලයෙකුට පහසුවෙන් මතක තබා ගත හැකි වන පරිදි සේවාදායක පරිගනකයක IP ලිපිනයට අදාලව යෙදු අන්වර්ථ නාමයකි.

                       EX : intfromabc .com

                             facebook .com

වසම් නාමයට කොටස් කිහිපයකි .

           ඉහල මට්ටම් වසම් නාමය

වසම් නාමයක අවසාන තිතට පසුව ඇති කොටස ඉහල මට්ටම් වසම් නාමයයි . වසම් දිගු ලෙසද හැදින් වේ .මෙමගින් වෙබ් අඩවියේ භූගෝලීය පිහිටීම ,අයිතිය  හෝ වර්ගය පිළිබද වැඩිදුර තොරතුරු ලබා දේ

google.com

google .co .uk

ආරභයේදී ඉහල මට්ටමේ වසම් නාම බොහොමයක් අදාල  ක්ෂේත්‍රයේ  පමණක් භාවිතා වූ අතර මේ වන විට සිමා වලින් තොරව භාවිත වේ.

.Com  වානිජමය කටයුතු සදහා

.org  සංවිධාන

.net ජාල යටිතල පහසුකම්

.edu  අධ්‍යාපනික

.gov  රාජ්‍ය

.mil  යුධමය

.int  අන්තර්ජාතික

.biz වෙළදාම

.info  තොරතුරු

.mobi  ජංගම දුරකථන සදහා වූ

.aero  ගුවන් ගමන්

.travel ගමනාගමනය

ලෝක ව්‍යාප්ත වියමන

අන්තර්ජාලය යනු ලොව පුරා විසිරි පරිගණක රාශියක් එකිනෙක සම්බන්ධ කර සෑදු ජාලයකි . ලෝක ව්‍යාප්ත වියමන යනු ලොව පුරා පරිශීලකයන්ට පිවිසිය හැකි පරිදි එම පරිගණක ජාලය තුල ගබඩා කර පවතින ඉලෙක්ට්‍රොනික ලේඛන රාශියක එකතුවකි .

නිශ්චිත මාතෘකාවක් සම්බන්ධව තොරතුරු අඩංගු වන වෙබ් අතිරික්සුවක් මගින් දර්ශනය කල හැකි අන්තර්ජාලයේ සේවාදායක පරිගණකයක් තුල පවතින ඉලෙක්ට්‍රොනික ලේඛනයක් වෙබ් පිටුවක් ලෙස හැදින් වේ. වෙබ් අඩවියක වෙබ් පිටු කිහිපයක් ඇත .

වෙබ් අඩවියක් පිළිබද මූලික විස්තර ඇතුලත් පිටුව  homepage  ලෙස හැදින්වේ.

WWW හි ඉදිරියට සහ පසුපසට සැරිසැරීමට අධිසන්ධාන භාවිතා කරයි.

home පිටුවේ අඩංගු අධිසන්ධාන භාවිතයෙන් අනෙකුත් පිටු වලට ප්‍රවේශ  විය හැක .

වෙබ් අඩවියක අකුරු , පෝරම , බොත්තම් ,රූප ,වීඩියෝ ,ඕඩියෝ ,වෙනත් බහු මාධ්‍ය ,අධිසන්ධාන ,දැන්වීම් ආදිය පවතී.

වෙබ් අතිරික්සුවක් යනු පරිශීලකයකුට ලෝක ව්‍යාප්ත වියමනයෙහි අන්තර්ගතය  ගෙන්වා නැරබීමට අවස්තාව සලසා දෙන යෙදුම් මෘදුකාංගයකි .

  • Google Chrome
  • Apple Safari
  • Mozilla Firefox
  • Microsoft Edge
  • Microsoft  Internet
  • Opera

දුරස්ථ පිවිසුම

අවසරලත් පුද්ගලයෙකුට වෙනත් භූගෝලීය පිහිටිමක සිට (ඇතැම්විට එකම පිහිටුමේ සිට )ජාලයක (අන්තර්ජාලයේ විය හැක )පිහිටි පරිගණකයක් තුලට පිවිසීමට සැලසීම දුරස්ථ පිවිසුම ලෙස හැදින්වේ.

දුරස්ථ පිවිසුමේ වාසි

  • පුද්ගල ප්‍රදේශ ජාලයක උපාංග ගොනු හුවමාරු කිරීම සහ සම්පත් පොදුවේ භාවිතය සදහා භාවිතා කල හැක .
  • පරිශීලකයා වෙහෙසට පත් කිරීමකින් තොරව සේවාදායක පරිගනකයක  ඇති මෘදුකාංගයක් සේවාලාභී පරිගනකයක ස්ථාපිත කිරිමට
  • කාලය ශ්‍රමය සහ මුදල් ඉතිරිකරගෙන සේවාලාභී පරිගණක නඩත්තු කිරීම සිදුකල හැක

දුරස්ථ පිවිසුම් අවාසි

  • අනවසර පිවිසීම් වලට ලක්වීම .
  • ජාලයක අනිවාර්ය අවශ්‍යතාව .

අවසරයකින් තොරව සිදු කරන දුරස්ථ පිවිසුම hacking ලෙස හැදින්වේ. 

අන්තර්ජාලයේ වෙබ් අඩවි බිලියන ගණනක් පවතින බැවින් අපට අවශ්‍ය තොරතුරු අඩංගු වෙබ් අඩවි වල URL  හෝ වසම් නාම මතක තබා ගැනීම හෝ දැනගෙන සිටීම සෑමවිටම ප්‍රායෝගික නොවේ .

පරිශීලකයෙකුට ලෝක ව්‍යාප්ත වියමනෙහි ඇති තොරතුරු සොයාගැනීම සදහා භාවිතා කල හැකි වෙබ් පාදක කරගත් තොරතුරු නැවත ලබා දිමේ පද්ධතියක් සෙවුම් යන්ත්‍රයක් ලෙස හැදින් වේ .

මුල පද කිහිපයක් ලබා දුන් විට එයට අදාල තොරරතුරු ඇතුලත් URLs ,අදාල රූප ,වීඩියෝ ,පුවත් ,සහ භෞතිකව පිහිටා ඇති ස්ථාන වලට අදාල සිතියම් රාශියක් පරිශීලකයාට ලැබේ.

බහුමාධ්‍ය සැපයුම

බහු මාධ්‍ය ගොනු සේවාදායක පරිගණකයක සිට ගෙන්වා ගන්නා අතරතුර ප්‍රමාදයකින් තොරව එම අවස්ථාවේදීම පරිශීලකයාට ඉදිරිපත් කිරීම බහුමාධ්‍ය සැපයුම ලෙස හදුන්වයි.  බහුමාධ්‍ය සැපයුම බාගතකිරීමට විකල්පයකි .

බාගත කිරීම යනු භාවිතයට පෙර පරිශීලකයා විසින් මුළු අන්තර්ගතයම ගෙන්වා ගැනීමේ අවස්ථාවයි .

දත්ත වල පිළිවෙල වැදගත් නොවන වෙනත් බෙදාහැරීම් මෙන් නොව බහුමාධ්‍ය සැපයුමේදී දත්ත ලබා දෙන්නේ අනුක්‍රමික ස්ථාවර සැපයුමක් ලෙස පිළිවෙලක් සහිතවය .

බහුමාධ්‍ය සැපයුමේ වාසි

  • බාගතකිරීම සදහා කාලය ගත නොවීම
  • ගබඩා අවකාශයක් වැය නොවීම
  • සමස්ත බගතකිරිමකට වඩා අවශ්‍ය තැන් පමණක් සපයා ගැනීම මගින් දත්ත භාවිතය අවම වීම .
  • සැපයීම අතර විකල්ප සැකසුම් සිදුකිරීමේ හැකියාව .
  • බහුතර අන්තර්ගතය නීතිමය වශයෙන් වලංගු වීම.
  • බගතකරගත් පැකේජයකට වඩා ආරක්‍ෂිත වීම.

බහුමාධ්‍ය සැපයුමේ අවාසි 

  • බාගතකරගත් ගොනුවක් නොමැති වීම .මාර්ග අපගතව බෙදාහැරීමට  නොහැකිවීම
  • නැවත භාවිතයට නැවත දත්ත වැයවීම .
  • ස්ථාවර අන්තර්ජාල සබදතාවයක් අවශ්‍ය වීම
  • අන්තර්ජාල අවහිරතා ඇතිවීම
  • ගැලපෙන දෘඩාංග සහ මෘදුකාංග අවශ්‍ය වීම .

සජීවි සැපයුම .

රූපවාහිනී  විකාශන තත්කාලව ගුවන්විදුලි තරංග හරහා සම්ප්‍රේෂණය කරන්නාක් සේ අන්තර්ජාලය හරහා තත්කාලව බහුමාධ්‍ය සම්ප්‍රේෂණය කිරීමයි .

සජීවී සැපයුමක් ප්‍රභව අග්‍රයේදී පටිගත කිරීමක් අත්‍යවශ්‍ය නොවන නමුත් බොහෝවිට එසේ සිදුවේ.

  • ප්‍රභවයක්
  • දත්ත අංකිතව කේතනය කිරීමට මෘදුකාංග
  • බහුමාධ්‍ය ප්‍රකාශකයෙක්
  • ප්‍රභවයේ සිට ග්‍රාහකයා දක්වා දත්ත රැගෙන යාමට CDN  සේවාවක් මේ සදහා අවශ්‍ය වේ.
  • .htm හෝ .html යටතේ සුරකින්න
  •  එහි අන්තර්ගතය වැඩිදුර වෙනස් කිරීම සඳහා පාට සංස්කාරකයක් තුලින් විවෘත කරන්න .
  • එහි අන්තර්ගතය දැකබලා ගැනීම සඳහා වෙබ් අතිරික්සුවකින් විවෘත කරන්න .

පාඨ  සංස්කාරක

පරිශීලකයාට  පාඨ හා සම්බන්ධ සංස්කරණය කිරීම් සිදු කිරීමට ඉඩ ලබාදෙන යෙදුම් මෘදුකාංග වර්ගයකි .

වෙබ් අතිරික්සු

පරිශීලකයාට ලෝක විසිරි වියමනෙහි අන්තර්ගතයට  (වෙබ් පිටු ) ප්‍රවේශ වීමට ඉඩ ලබා දෙන යෙදුම් මෘදුකාංග  වර්ගයකි .

පරිශීලකයාට පරිගණකයේ දෘඩ තැටියේ අන්තර්ගතය වෙත ප්‍රවේශ වීමට ඉඩ ලබා දෙන යෙදුම් මෘදුකාංගය Explorer ය .

වෙබ් පිටු ලියා ඇත්තේ HTML  භාෂාවෙනි .

ඒවා තුල පරිශීලකයාට පෙන්වීමට ලබාදෙන අන්තර්ගතය සහ වෙබ් අතිරික්සුවට එම අන්තර්ගතය පෙන්වීමට අවශ්‍ය උපදෙස් අඩංගුය .

< උපදෙස් >අන්තර්ගතය </උපදෙස් >

ඒවා පරිගනකය වෙත HTTP  නියමාවලිය භාවිතා කරමින් ගෙන ඒ .

වෙබ් අතිරික්සුවක් මඟින් HTML ගොනුවක් තුල ලියා ඇති ඕනෑම පාඨයක් දර්ශනය කරයි .

සම්මත අක්ෂර වර්ණය කළු පැහැයයි .

සම්මත අක්ෂර වර්ගය Times New Roman .

වෙබ් අතිරික්සුව මගින් අන්තර්ගතයන් පෙන්වීමේදී කේතය තුල එක් SPACE එකකට වඩා පවතින සියලු white spaces නොසලකා හරි .

විවරණ

විවරණයක් තුල ඇති අන්තර්ගතය කිසිවිටෙකත් වෙබ් අතිරික්සුවක් මගින් දර්ශණය නොකරයි .

විවරණ භාවිතා වනුයේ

  • කේත කොටස් පැහැදිලිකිරිම සදහා

To own self ( තමාටම )

To third parties (තුන්වන පාර්ශවයකට )

  • තාවකාලිකව කේත කොටස් ක්‍රියා විරහිත කිරීමට .

උසුලනයක් යනු කුමක්ද ?

තමා තුල ඇති අන්තර්ගතය පරිශීලකයාට පෙන්විය යුත්තේ කෙසේදැයි වෙබ් අතිරික්සුවකට උපදෙස් ලබා දෙන බහාලුමක් උසුලනයකි .

උසුලන වර්ග දෙකකි .

  • යුගල වශයෙන් පවතී
  • එක උසුලනයක් පමණි .

සෑම උසුලනයක්ම පරිශීලකයාට පෙන්විය යුතු අන්තර්ගතයෙන් වෙන් කිරීම සඳහා කෝණික වරහන් තුල ලියයි .

උසුලන case sensitive නොවේ .

වැරදි ලෙස භාවිතා කරන උසුලන වෙබ් අතිරික්සුව මගින් නොසලකා හරින අතර දෝෂ පණිවුඩයක් දිස් නොවේ .නමුත් ඒවා කෝණික වරහන් තුල ලියන ලද බැවින් අන්තර්ගතයක් ලෙස පරිශීලකයාට දිස් වීමද සිදු නොවේ .

උසුලන එකිනෙකක් තුල කුඩු කල හැක .

පෙර සැකසූ පාඨ යෙදීම .

< pre >content </pre >

මෙහිදී අන්තර්ගතය තුල ඇති සියලු white spaces එලෙසම ප්‍රදර්ශනය කෙරේ .

උසුලනයක කොටස්

 කොටස් තුනක් පවතී .

a .Element        මුලිකාංගය

b .Attributes     ගුණාංග

c.Values of attributes   ගුණාංග වල අගයන්

here ,

font                 –        is the element  යනු මුලිකාංගයි .

face /colour    –       are attributesයනු ගුණාංග ය .

=”xxxx”            –       are values  යනු අගයන්ය .

ශීර්ශක උසුලන

මාතෘකා යෙදීමට භාවිතා කරයි .

පෙර අර්තදක්වන ලද උසුලනයකි .

  • තදකුරු ලබා දේ
  • විවිධ ප්‍රමාන ලබා දේ .
  • පේලි වෙන්කරයි
  • පෙර හා  පසු හිස් පේලි ලබාදේ .

ඇතුලතින් වෙනස්කම් කල නොහැක .

Paragrap tags

  •  ඡේද කිහිපයක් ඇතුලත් කිරීමට යොදා ගනී
  • පෙර අර්ථ දක්වන ලද උසුලනයකි .
  • සෑම ඡේදයකටම පසු පේලි වෙන් කරයි .
  • සෑම ඡේදයක ආරම්භයට පෙර හිස් පේලියක් ඉතුරු කරයි .
  • එකෙල්ල කිරීමේ ගුණාංගය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

More Articles & Posts