2.පරිගණකය හඳුනා ගනිමු

පරිගණකය –

 පරිශීලකයා විසින් ආදානය කරනු ලබන හෝ පද්ධතිය විසින් රැස් කර ගනු ලබන දත්ත ලබාගෙන, එම දත්ත පරිශීලකයා විසින් දී ඇති උපදෙස් වලට අනුව සකස් කරමින්, ඔහුට/ ඇයට අවශ්‍ය ආකාරය තොරතුරු ප්‍රතිදානය, කරන විදුලි බලයෙන් ක්‍රියාත්මක වන උපකරණයක්.

 පරිගණකයෙහි ඇති විශේෂ ලක්ෂණ –

  • වේගය
  • නිරවද්‍යතාව
  • කාර්යක්ෂමතාව
  • බහු කාර්ය බව
  • සුරැකීමේ හා නැවත ලබා ගැනීමේ හැකියාව

පරිගණක වර්ගීකරණය

පරිගණකයේ ප්‍රධාන භෞතික සංඝටක

 

මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය

ඒකකය –  හර්ට්ස් (Hertz – Hz)

පරිගණක කෙවෙනි  (Ports)

  1. PS/2 කෙවෙනි 
    1. දම් පැහැති කෙවෙනිය – යතුරු පුවරුව
    1. කොළ පැහැති කෙවෙනිය   – මූසිකය
  2. සමාන්තර කෙවෙනිය
    1. විවර 25
    1. මුද්‍රණ යන්ත්‍රය
  • HDMI කෙවෙනිය
    • පරිගණක තිරය, බහු මාධ්‍ය ප්‍රක්ෂේපකය
  • ජාලකරණ කෙවෙනිය (RJ 45 )
    • ජාල රවුටරය, ජාල ස්විචය
  • ශබ්ද උපාංග කෙවෙනි
  • නිල් පාට – ශබ්ද ආදානය
  • කොළපාට- ස්පීකර / ශබ්ද ප්‍රතිදානය
  • රෝස පාට –  මයික්‍රොෆෝනය
  • විශ්ව ශ්‍රේණිගත බස් කෙවෙනිය (USB port)
    • වර්තමානයේ බොහෝ ආදාන, ප්‍රතිදාන උපාංග
  • වීඩියෝ කෙවෙනිය
    • විවරව 15
    • පරිගණක තිරය,  බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය
  • ශ්‍රේණිගත කෙවෙනිය  ( Serial port )
    • සිදුරු 9
    • මොඩමය

දත්ත සන්නිවේදනය ( data communication )

 දත්ත සහ තොරතුරු සම්ප්‍රේෂණය කරගැනීම දත්ත සන්නිවේදනය වේ.

 දත්ත සන්නිවේදනය සඳහා අවශ්‍ය මූලික අංග :

  • දත්ත ප්‍රභවය
  • සම්ප්‍රේෂණ මාධ්‍ය
  • දත්ත ග්‍රාහකයා

 දත්ත සම්ප්‍රේෂණ විධි

  1. ඒකපථ ( simplex mode )
  2. අර්ධ ද්වීපත ( half – duplex mode )
  3. පූර්ණ ද්වීපත ( full duplex mode )

දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය

පරිගණක ජාල සම්බන්ධ කිරීමේ උපාංග

  • ජාලකරණ අතුරු මුහුනත් කාඩ් පත
  • ස්වීචය හෝ නාභිය
  • වයි-ෆයි (wifi)
  • මාර්ගකය  (router)
  • මොඩමය
  • ගිනි පවුර (firewall)

ස්විචය හෝ නාභි (switch / hub)

  • පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අතර සම්බන්ධතාවයක් ගොඩනැගීම සඳහා මැදිහත්කරු ලෙස ක්‍රියා කරයි.
  • ස්විචය හා නාභිය අතර වෙනස්කම – පරිගණක ජාලයේ ඇති පරිගණක අතර දත්ත හුවමාරු කිරීමේදී, නාභිය ජලය ඇති සියලුම පරිගණක වෙත දත්ත යොමු කරයි. ස්විචය අදාළ පරිගණකය වෙත පමණක් දත්ත යොමු කරයි.
  • නාභිය ක්‍රියාත්මක වන්නේ අර්ධ ද්වීපථ ක්‍රමයට වේ.
  • ස්විච ය පූර්ණ ද්විපථ ක්‍රමයට ක්‍රියා කරයි.

සේවාලාභී / සේවායෝජිත ජාල

  • සේවායෝජිත පරිගණකය (server) – දත්ත හා තොරතුරු සපයන්නා
  • සේවාලාභී පරිගණක (client) – අන්තර්ජාලයෙන් දත්ත හෝ තොරතුරු ඉල්ලුම් කරන්නා

පරිගණක ජාල වර්ග 3කි.

1. ස්ථානීය ප්‍රදේශ ජාල ( Local Area Network – LAN )

2. පුරවර ප්‍රදේශ ජාල  ( Metropolitan Area Network – MAN )

3. පුළුල් ප්‍රදේශ ජාල  ( Wide Area Network – WAN )

ජාල ස්ථල විද්‍යාව

  • තරු ආකාරයට ජාල ගත කිරීම  ( Star Topology )
  • බසයක ආකාරයට ජාල ගත කිරීම ( Bus Topology )
  • මුද්දක / වළල්ලක ආකාරයට ජාල ගත කිරීම ( Ring Topology )
  • රුක් ආකාරයට ජාල ගත කිරීම ( Tree Topology )
  • දැලක් ආකාරයට ජාලගත කිරීම (Mesh Topology )

Download PDF

Leave a Reply

This website uses cookies and asks your personal data to enhance your browsing experience. We are committed to protecting your privacy and ensuring your data is handled in compliance with the General Data Protection Regulation (GDPR).