බුද්ධ ධර්මය – කෙටි සටහන් 10/11

පස් මහ බැලුම් ( පංච මහා විලෝකනය )

කාලය, දීපය, දේශය, කුලය, මව

කුසල මූල –  අලෝභ, අදෝස, අමෝහ

අකුසල මූල – ලෝභ, දෝස, මෝහ

සතරපෙර නිමිති –

මහල්ලෙක්

ලෙඩෙක්

මළකඳක්

පැවිදි රුවක්

සතර සංග්‍රහ වස්තු / සිවු සඟරාවන්

දානය

ප්‍රිය වචනය

අර්ථ චරියාව

සමානාත්මතාව

චතුරාර්ය සත්‍යය (සිවුසස්)

දුක ආර්ය සත්‍යය – දුක

දුක සමුදය ආර්ය සත්‍යය – දුකට හේතුව

දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය – දුක නැති කිරීම

දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය – දුක නැති කිරීමේ මාර්ගය

තෙරුවන්/ ත්‍රිවිධ රත්නය

බුද්ධ, ධම්ම, සංඝ

ත්‍රිලක්ෂණය

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම

ත්‍රිශික්ෂාව

ශීල

සමාධි

ප්‍රඥා

ත්‍රිවිධ චෛත්‍යය

ශාරීරික

පාරිභෝගික

උද්දේසික

තුන්තරා බෝධිය

බුදු, පසේබුදු, මහරහත්

ත්‍රිවිධ තෘෂ්ණාව

කාම තණ්හා – පස්කම් සැප විඳීමට ඇති කැමැත්ත

භව තණ්හා – නැවත නැවතත් උපදිමින් පස්කම් සැප විඳීමට ඇති කැමැත්ත

විභව තණ්හා – නැවත උපතක් නැත, හැකිතාක් මෙලොවදීම සැප විඳීමියි යන ආශාව

සතර මහා භූත

පඨවි

ආපෝ

තේජෝ

වායෝ

සතර අගතිය

ඡන්දය

ද්වේශය

භය

මෝහය

සතර බ්‍රහ්ම විහරණ/ සිවු බඹ විහරණ / චතු අප්පමඤ්ඤා

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා

සිව්පසය

චීවර

පිණ්ඩපාත

සේනාසන

ගිලානපච්චය

අටලෝ දහම / අෂ්ටලෝක ධර්ම

ලාභ                 නින්දා

අලාභ              ප්‍රශංසා

යස                  සැප

අයස                දුක

පංච නීවරණ- සිත කිලිටි කරන අකුසල සිතුවිලි

1. කාමච්ඡන්ද  – කාම වස්තු කෙරෙහි ආශාව ( වර්ණ එක්‌කල ජලය) – ණය ගැතියෙකු ණය හිමියාට බැඳී සිටින්නා සේ කාමච්ඡන්දය ඇත්තාද වහලලෙකු මෙන් ඊට යටත් වන බව සාමඤ්ඤඵල සූත්‍රයේ දැක්වේ.

2. ව්‍යාපාද – සිතේ පවතින තරහව(රත් වී බුබුළු නඟන ජලය)

3. ථීනමිද්ධ – සිතෙහි කයෙහි නිදිමත බව, උදාසීන බව ( පාසි බැඳුනු ජලය )

4. උද්ධච්ච කුක්කුච්ච – සිතේ නොසන්සුන් බව, කළ නොහැකි දේ පිළිබඳ පසුතැවිල්ල ( කැළඹුණු ජලය )- සිරගෙයක දුක් විඳින්නකු ලෙස….( සාමඤ්ඤඵල සූත්‍රය )

5. විචිකිච්ඡාව – බුද්ධාදී අටතැන්හි සැකය ( බොර ජලය ) – වනයක අතරමං වූවකු ලෙස… ( සාමඤ්ඤඵල සූත්‍රය )

ශ්‍රද්ධාවේ ප්‍රභේද දෙකකි.

1. අමූලිකා ශ්‍රද්ධාව -පදනමකින් තොරය.

2.  ආකාරවතී ශ්‍රද්ධාව – කරුණු දැන ඇතිවන ශ්‍රද්ධාවයි.

තෙරුවන් පිළිබඳ කරුණු දැන ඇතිකර ගන්නා පැහැදීම – අවෙච්චප්පසාදය / ආකාරවතී ශ්‍රද්ධාව

ලෝකය- අනුසෝතගාමීය

බුදුදහම – පටිසෝතගාමීය

පංච ඉන්ද්‍රිය – පංච කාම වස්තු

චක්ඛු ( ඇස) – රූප

සෝත (කන ) – ශබ්ද

ඝාන ( නාසය) – ගන්ධ

ජිව්හා  ( දිව)- රස

කාය ( ශරීරය)- ස්පර්ශ

පංචස්කන්ධය

රූප

වේදනා

සඤ්ඤා

සංඛාර

විඤ්ඤාණ

පද්ම උපමාව අනුව ත්‍රිවිධ පුද්ගලයන්

උත්තම පෞරුෂ ඇත්තන්

 මධ්‍යම පෞරුෂ ඇත්තන්

අවම පෞරුෂ ඇත්තන්

තුන්දොර –

සිත , කය , වචනය

තිදොරින් වන අකුසල කර්ම 10කි.

සතුන් මැරීම

සොරකම් කිරීම                       කය

වැරදි කාම සේවනය

බොරු කීම

කේලාම් කීම

පරුෂ වචන කීම                  වචනය

හිස් වචන කීම

දැඩි ලෝභය ( අභිද්‍යාව )

තරහව ( ව්‍යාපාදය )                        සිත

වැරදි දැක්ම ( මිථ්‍යා දෘෂ්ටිය )

කර්මයේ ප්‍රභේද

විපාක දෙන කාලය අනුව

දිට්ඨධම්මවේදනීය – මෙලොවදීම විපාක දේ

ඔප්පජ්ජවේදනීය – ඊළඟ  ආත්මයේදී විපාක දේ

අපරාපරිය වේදනීය – දෙවන ආත්මයෙන් පසුව…

අහෝසි කර්ම- විපාක නොදී අහෝසි වේ

විපාක දෙන ආකාරය/ පිළිවෙල අනුව

ගරුක – බලසම්පන්න කුසලාකුසල කර්ම

ආසන්න- මරණාසන්න මොහොතේ කරන ලද හෝ සිහි කරන ලද කර්ම

ආචිණ්ණ – පුරුද්දක් ලෙස කරන ලද හෝ නිතර නිතර කරන ලද කර්ම

කටත්තා කර්ම – අසම්පූර්ණ කුසලාකුසල කර්ම

කාර්යය හෙවත් කෘත්‍ය අනුව

ජනක කර්ම

උපත්ථම්බක කර්ම

උපපීඩක කර්ම

උපඝාතක කර්ම

කර්මයේ බලපෑම වෙනස් කරන සාධක( යහපත් කරන ලද සාධක )

ගති සම්පත්ති- සැපවත් තැනක ඉපදීම

උපධි සම්පත්ති – උසස් රූප ශෝභාවයක් හිමිවීම

කාල සම්පත්ති – සෞභාග්‍යවත් කාලයක ඉපදීම

ප්‍රයෝග සම්පත්ති – ප්‍රඥාව හා උත්සාහය

භාවනාව කොටස් 2කී.

සමථ, විදර්ශනා

 භාවනාවට යොමු වන්නෙක් ඉටු කරගත යුතු පූර්ව අවශ්‍යතා 5කි.

1. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය

2. සිල්වත් බව

3. ධර්මශ්‍රවණය

4. වීරයය

5. ප්‍රඥාව

 සමථ භාවනාව ( කම්මට්ඨාන, සමාධි, චිත්ත )

  • කෙලෙස් (නිවරණ) යටපත් කරයි.
  • සිත එකඟ කරයි.
  • පඤ්ච  අභිඤ්ඤා, අෂ්ට සමාපත්ති ලබාගත හැක.

 සමාධි භාවනාවට යොමුවන්නෙකු තුළ තිබිය යුතු ගුණාංග 3කි.

I. ඉන්ද්‍රිය සංවරය

II. සති සම්පජඤ්ඤ  ( සියලු ක්‍රියාවල සිහියෙන් යුක්ත වීම )

III. සන්තුට්ඨිතා ( ලද දෙයින් සතුටු වීම )

 සමථ භාවනාවට යොදාගත හැකි කමටහන් 40කි.

 කමටහන් ලබාදීමේදී සලකා බලන පුද්ගල චරිත 6කි.- රාග, දෝස, මෝහ, සද්ධා, බුද්ධි, විතර්ක

 විදර්ශනා භාවනාව (විපස්සනා, ත්‍රිලක්ෂණ, ප්‍රඥා )

  • කෙලෙස් මුලිනුපුටා දමයි
  • චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත හැකිය

 පාරමිතා ( බුද්ධ කාරක ධර්ම )- පරමිතා පිරිය යුත්තේ තණ්හාව, මානය,  මිථ්‍යා දෘෂ්ටියෙන් තොරව හා කරුණාවෙන්,  ප්‍රඥාවෙන් යුතුව ය.

1. දාන – වෙස්සන්තර/ සිවි/ සස

2. සීල – සීල විමංසා

3. නෙක්ඛම්ම – මඛාදේව

4. ප්‍රඥා – උම්මග්ග

5. වීරියය – වණ්ණුපත

6. කන්ති (ඉවසීම) – ක්ෂාන්තිවාදී

7. සත්‍ය – වට්ටක

8. අධිෂ්ඨාන – තේමීය

9. මෙත්තා – මහාකපි /මඝමානවක

10. උපේක්ඛා – ලෝමහන්ස

 පාරමිතා ත්‍රිවිධාකාරය

 පාරමිතා – භෞතික වස්තු කැප කරමින්…

 උපපාරමිතා –  ශරීර අවයව කැප කරමින්…

 පරමත්ත පාරමිතා – ජීවිතය කැප කරමින්…

පාරමිතා සම්පූර්ණ කිරීම.

 තුන්තරා බෝධිය –

  • බුදු – පාරමිතා/ උප පාරමිතා/ පරමත්ථ පාරමිතා
  • පසේබුදු – පාරමිතා/ උප පාරමිතා
  • මහරහත් – පාරමිතා

 ප්‍රඥාව දියුණු කරගන්නා ක්‍රම තුනකි

1. චිත්තාමය – සිතීමෙන්

2. සුතමය – සවන් දීමෙන්, පොත් කියවීමෙන්

3. භාවනාමය

 පූජා බුද්ධියෙන් දන් දීම – තමන්ට වඩා උසස් ගුණධර්ම සහිත අයට දන් දීම

 අනුග්‍රහ බුද්ධියෙන් දන් දීම – අසරණ වූවන්ට අනුකම්පාවෙන් කරුණාවෙන් දන් දීම

 තෙවැදෑරුම් වීර්යය –

1. ආරම්භ ධාතු – කාර්යය ආරම්භ කිරීමේදී…

2. නික්කම ධාතු – ඉදිරිපත් වීමේදී…

3. පරක්කම ධාතු – නිරත වීමේ දී ඇතිකර ගත යුතු වීර්යය

 සීලය – කය, වචනය දෙකෙහි සංවර බව ( කයින් සිදුවන වැරදි 3න්, වචනයෙන් සිදුවන වැරදි 4න් වැළකීම හා නිවැරදිව දිවි පැවැත්ම )

 සිරිත්/ සමාදාන/ කළ යුතු දේ

 විරිත්/ විරමණ  / නොකළ යුතු දේ

 සිල් රැකීමේ ආනිසංස පහකි.

1. මහත් වූ බෝග සම්පත් අත්කර ගැනීම

2. කීර්තිය පැතිරීම

3. ඕනෑම පිරිසක් මැද නිර්භයව එළඹීමට හැකිවීම

4. සිහි මුලා නොවී කලුරිය කිරීම

5. මරණින් මතු සුගතියේ උපත ලැබීම

 සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් භෝග විනාශයට හේතු 6කි

 1. මධ්‍යසාර භාවිතය

2.  අවේලාවන්හි මං මාවත්වල සැරි සැරීම

3. නැටුම් ගැයුම් වැයුම් වලට ලොල් බව

4. සූදුව

5. පවිටු මිතුරු ඇසුර

6. අලසව කල් ගෙවීම

 නිබද්ධ චාරිකා – අසරණ වූ පිරිස් සොයා වැඩම කොට අවශ්‍ය උපකාර කිරීම

 ගිලනුන්ට උපකාර කළ අවස්ථා :

 පුතිගත්තතිස්ස තෙරුන්ට, උදරාබාධයකින් පෙලුණු භික්ෂුවකට, මහා කාශ්‍යප හිමියන්ට,  මුගලන් හිමියන්ට උපස්ථාන කිරීම

 අසරණයන්ට සරණ වීම :

 සෝපාක, රජ්ජුමාලා, ආලවක කුමාරයා, අසරණ ගොවියා, දරුවන් විසින් නොසලකා හැරී මහලු පියා, බද්‍රවතිකා ඇතින්න

 පුරිසධම්මසාරථි ගුණය

 අංගුලිමාල, නාලාගිරි ඇතා, ආලවක යකු, සුචිරෝම  ඛරරෝම වැනි යක්ෂයින්

තාදී ගුණය ( අටලෝ දහමින් කම්පා නොවීම ) :

  • වෙරංජා නුවර වස් විසීම (12 වන වස )
  • බිම්බිසාර, අනේපිඬු සිටුතුමා, විශාඛාව වැනි අයගේ ප්‍රශංසා, ආරාම පූජා ආදිය මැදිහත්ව ඉවසීම.
  • චින්චිමානවිකාව, සුන්දරී පරිබ්‍රාජිකාව වැනි අයගේ අපහාස ඉවසීම.

දම්සක් පැවතුම් සූත්‍රය / ධම්මචක්කපවත්තන සූත්‍රය

 •ඇසළ පොහෝ දිනක, බරණැස ඉසිපතනයේදී, පස්වග තවුසන් හට දේශනා කළ සේක.

* චතුරාර්ය සත්‍යය අන්තර්ගත වේ.

1. දුක්ඛ ආර්යය සත්‍ය -දුක

* සසර උපදින සියලු සත්වයින්ට ඉපදීම (ජාති), වයසට යාම (ජරා), ලෙඩ වීම ( ව්‍යාධි ), මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කැමති දේ නොලැබීම යනාදී දුක්වලට මුහුණ දීමට සිදු වේ.

2. දුක්ඛ සමුදය ආර්යය සත්‍යය – දුකට හේතුව

* සසර දුකට ප්‍රධාන හේතුව තෘෂ්ණාවයි. එය කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ලෙස තුන් ආකාර වේ.

3. දුක්ඛ නිරෝධ ආර්යය සත්‍ය – දුක නැති කිරීම

* සසර දුකට හේතුව වන තෘෂ්ණාව නැති කිරීම

4. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්යය සත්‍යය – දුක නැති කිරීමේ මාර්ගය

* දුකින් මිදීමේ මාර්ගය/ මධ්‍යම ප්‍රතිපදාව/ ආර්ය අෂ්ඨාංගික මාර්ගය  :

I. සම්මා දිට්ඨි – කුසලය හා අකුසලය පිළිබඳ නිවැරදි දැක්ම

II. සම්මා සංකප්ප – පස්කම් සැපතින් නික්මීමේ, ද්වේශ නොකිරීමේ හා හිංසා නොකිරීමේ සංකල්පනාව

  • නෙක්ඛම්ම සංකප්ප
  • අව්‍යාපාද සංකප්ප
  • අවිහිංසා සංකප්ප

III. සම්මා වාචා – බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, රළු වචන කීම යන වචනයෙන් සිදුවන අකුසලයන්ගෙන් වෙන්වීම.

IV. සම්මා කම්මන්ත- ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනයෙන් වැළකීම.

V. සම්මා ආජීව  – නිවැරදි ජීවන වෘත්තීන්හි නිරතවීම.

නොකළ යුතු වෙළඳාම් පහකි.

  • අවි ආයුධ වෙළඳාම
  • සත්ව වෙළඳාම
  • මස් මාංශ වෙළඳාම
  • මත්ද්‍රව්‍ය වෙළඳාම
  • වස විස වෙළඳාම

VI. සම්මා වායාම – නූපන් අකුසල් නොඉපදවීම, උපන් අකුසල් නැති කිරීම, නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් වැඩිදියුණු කිරීමට දරන උත්සාහය.

VII. සම්මා සති-  සතර සතිපට්ඨානයෙන් යුක්ත පැවැත්ම / නිවැරදි සිහිය

සතර සතිපට්ඨානය :

  • කායානුපස්සනාව
  • වේදානුපස්සනාව
  • චිත්තානුපස්සනාව
  • ධම්මානුපස්සනාව

VIII. සම්මා සමාධි – ධ්‍යාන වැඩීමෙන් සිත පිරිසිදු කිරීම හා එකඟ වීම/ නිවැරදි මානසික එකඟ බව.

 දුක තුන් ආකාර බව ධර්ම විවරණවල සඳහන්වේ

 1. දුක්ඛ දුක්ඛතා – සාමාන්‍ය දුක්

2. විපරිණාම දුක්ඛතා – වෙනස් වීමේ දුක

3. සංඛාර දුක්ඛතා – ඇතිවීම නැතිවීම නිසා හටගන්නා දුක

 විමුක්තිය සෙවීම උදෙසා භාරතීය සමාජය අනුගමනය කළ, බුදුරදුන් ප්‍රතික්ෂේප කළ අන්තගාමී පිළිවෙත් 2 :

  • අත්තකිලමථානුයෝගය( ශරීරයට දැඩි දුක් දීම )
  • කාමසුඛල්ලිකානු යෝගය ( ශරීරයට අධික සැප දීම )

ගිරිමානන්ද සූත්‍රය – ගිරිමානන්ද හිමියන්ට දේශනා කළ සේක

  • රෝග දෙයාකාරය : කායික රෝග, මානසික රෝග
  • කායික රෝග රාශියක් මෙහි අන්තර්ගත වේ

 රෝග වැළඳීමට හේතුවන කරුණු අටක් සඳහන් වේ. –

 1. පිත් ධාතුව කිපීමෙන්

2. සෙම් ධාතුව කිපීමෙන්

3. වාතය කිපීමෙන්

4. වා, පිත්, සෙම් යන තුන් දොස් කිපීමෙන්

5. සෘතු විපර්යාස නිසා

6. වැරදි කායික ක්‍රියාකාරකම් නිසා

7. අනුන්ගේ උපක්‍රම නිසා

8. කර්ම විපාක අනුව

 සිඟාලෝවාද සූත්‍රය – සදිසාවන්ට නමස්කාර කරමින් සිටි සිඟාල නම් තරුණයාට දේශනා කළ සේක.

  • සදිසා නමස්කාරය අන්තර්ගත වේ
  • යුතුකම් 61ක්‌ ඇතුළත් වේ

 බෝග විනාශයට හේතු 6ක් අන්තර්ගත වේ

1. නැගෙනහිර – දෙමව්පියන් හා දරුවන්

2. දකුණ- ගුරුවරුන් හා ශිෂ්‍යයින්

3. බටහිර – ස්වාමියා හා බිරිඳ

4. උතුර- හිත මිතුරන්

5. යට දිසාව- සේව්‍යයා හා සේවකයන්

6. උඩ දිසාව – ගිහියන් හා පැවිදි උතුමන්

 ව්‍යග්ඝපජ්ජ  සූත්‍රය – කක්කරපත්ත ගමේදී ව්‍යග්ඝපජ්ජ  වංශික “දීඝජානු කෝලිය” පුත්‍රයාට දේශනා කළ සේක.

 මෙලොව දියුණුවට හේතුවන කරුණු 4ක්‌ ද පරලොව දියුණුවට හේතුවන කරුණු 4ක්ද ඇතුළත් වේ.

1. උට්ඨාන සම්පදා – උත්සාහයෙන්, දෑතේ මහන්සියෙන්, දහඩිය හෙළා, ධාර්මිකව ධනය ඉපයිය යුතුය.

2. ආරක්ඛ සම්ප්‍රදා – ධාර්මිකව උපයාගත් ධනය රැකගත යුතුය.

3. කල්‍යාණ මිත්තතා – සද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා යනාදී උසස් ගුණධර්ම සහිත මිතුරන් ඇසුරු කිරීම.

4. සමජීවිකතා – අය වැය මනාව පාලනය කිරීම.

ධාර්මික රැකියා 6කි.

  • කෘෂිකර්මය
  • වෙළඳාම
  • ගවයන් රැක බලා ගැනීම
  • ආරක්ෂක සේවාව
  • රාජ්‍ය සේවය
  • වෙනත් ශිල්ප කර්මාන්ත

 අධාර්මික  වෙළදාම් ක්‍රම 3:

  • තුලා කුට ( හොරට කිරීම )
  • මාන කූට ( හොරට මැනීම )
  • කංස කූට ( බාල දේ විකිණීම )

 ධනය විනාශ විය හැකි ක්‍රම 4කි.

  • රජයට අයත් වීම
  • ගින්නෙන්, ජලයෙන් විනාශ වීම
  • සොරුන් පැහැර ගැනීම
  • ප්‍රිය නොකරන්නට අයත් වීම

මහා මංගල සූත්‍රය  – සැවැත් නුවර ජේතවනාරාමයේදී, මංගල කරුණු කවරේදැයි විමසීමට පැමිණි දෙවියන් හට දේශනා කළ සේක.

 කරුණු 38ක් අන්තර්ගතය.

1. අනුවණයින් ඇසුරු නොකිරීම

2. නුවණැත්තන් ඇසුරු කිරීම

3. පිදිය යුත්තන් පිදීම

4. සුදුසු පෙදෙසක වාසය කිරීම

5. පෙර කරන ලද පින් ඇති බව

6. සීලය ආදී ගුණධර්මයන්හි පිහිටීම

7. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව

8. ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ බව

9. විනයගරුක බව

10. හික්මීම

11. ප්‍රිය වචන කතා කිරීම

12. මව්පියන්ට සැලකීම

13. අඹු දරුවන්ට සංග්‍රහ කිරීම

14. නිවැරදි කාය කර්මවල නියැළීම

15. දන්දීම

16. ධර්මානුකූලව හැසිරීම

17. නෑදෑයන්ට සංග්‍රහ කිරීම

18. නිවැරදි ජීවන වෘත්තියක යෙදීම

19. පාපයෙහි නොඇලීම

20. මත්පැනින් වැළකීම

21. කුසල් දහම්හි පමා නොවීම

22. ගරු කළ යුත්තන්ට ගරු කිරීම

23. යටහත් පහත් බව

24. ලද දෙයින් සතුටු වීම

25. කළගුණ සැලකීම

26. සුදුසු කාලයෙහි දහම් ඇසීම

27. ඉවසීම

28. උත්තමයන්ගේ අවවාද පිළිගැනීම

29. ශ්‍රමණයන් වහන්සේලා දැකීම 

30. සුදුසු කල ධර්ම සාකච්ඡා කිරීම

31. තපස

32. බ්‍රහ්මචරියාව

33. ආර්ය සත්‍යය දැකීම

34. නිවන් අවබෝධ කරගැනීම

35. අට ලෝ දහමෙන් කම්පා නොවීම

36. ශෝක රහිත බව

37. කෙලෙස් නැති බව

38. බිය නැති බව

පරාභව සූත්‍රය – පුද්ගලයාගේ පිරිහීමට හේතුවන කරුණු විමසූ දෙවියකු හට දේශනා කළ සේක.

 කරුණු 18ක් (ගාථා 12ක් තුළ) ඇතුළත් වේ.

1. ධර්මයට අකමැති වීම

2. අසත්පුරුෂයන්ට ප්‍රිය වීම

3. සත්පුරුෂයන්ට ප්‍රිය නොවීම

4. අසත්පුරුෂ ධර්මයට ප්‍රිය වීම

5. නිතර නිදන සුළු බව

6. කතාවෙන් දවස ගෙවීම

7. උත්සාහයෙන් තොරවීම

8. අලසකම

9. ක්‍රෝධ කරන බව

10. හැකියාව තිබියදීත් මහලු දෙමව්පියන්ට නොසැලකීම

11. බමුණන්, පැවිද්දන්, තවුසන් බොරුවෙන් රැවටීම

12. බොහෝ ධනය, ආහාර ඇතත් තනිව භුක්ති විඳීම

13. ජාතිය, ධනය පිළිබඳ මානයෙන් තම නෑයන් පහත් කොට සැලකීම

14. සුරාවට, සූදුවට, ස්ත්‍රීන්ට ලොල්ව ධනය විනාශ කිරීම

15. පර අඹුවන්  කරා යාම

16. තමාට වඩා ලාබාල තරුණියක් විවාහ කරගෙන, ඇය රැකීමට වෙහෙසීම

17. රසයට ගිජු වූ තැනැත්තකු ප්‍රධානියකු වීම

18. උසස් කුලයක උපන්, ධනයෙන් හීන, වස්තු තණ්හාව ඇති අයකු රජකම පැතීම

කාලාම සූත්‍රය – කේසපුත්ත වාසී කාලාම වැසියන්ට දේශනා කළ සේක.

 යමක් පිළිගැනීමේදී එක හෙළා නොපිළිගත යුතු කරුණු 10කි.

1. ආරංචියකින්

2. පරම්පරාවෙන් පැවත එන නිසා

3. කටකතා මගින්

4. ඉගැන්වීම සමග ගැලපෙන නිසා

5. තර්කානුකූල නිසා

6. න්‍යායානුකූල නිසා

7. මතුපිට ස්වරූපය අනුව

8. තම දැක්ම අනුව සැසදෙන නිසා

9. සුදුසු බව පෙනෙන නිසා

10. ගුරුවරුන් පවසන නිසා…. නොපිළිගත යුතුය.

 යමක් පිළිගැනීමේ දී සලකා බැලිය යුතු කරුණු 4කි.

යම් ක්‍රියාවක්,

1.  කුසල් ද අකුසල්ද 

2. නිවැරදිද වැරදිද

3. නුවණැත්තන් ගරහයිද පසසයිද

4. අනුගමනය කරන්නාට යහපතක් වේද අයහපතක් වේ ද

චුල්ලකම්මවිභංග සූත්‍රය – තෝදෙය්‍ය පුත්‍ර සුභ මානවකයාට දේශනා කරන ලදී.

 කර්මය අනුව පුද්ගලයන් අතර විෂමතා 14 ක් දක්නට ලැබෙන ආකාරය මෙහි සඳහන් වේ.

1. සතුන් මරන්නා – අල්පායුෂ වේ.

2. සතුන් නොමරන්නා – දීර්ඝායුෂ විඳී

3. සතුන්ට හිංසා කරන්නා – ආබාධ සහිතව උපදී

4. සතුන්ට හිංසා නොකරන්නා – නිරෝගීව උපදී

5. ද්වේශයෙන් සිටින්නා – විරූපීව උපදී

6. ද්වේශ නොකරන්නා – රූමත්ව උපදී

7. අන් අයට ඊර්ෂ්‍යා කරන්නා – අල්පේශාක්‍ය වේ

8. ඊර්ෂ්‍යයා නොකරන්නා – මහේශාක්‍ය වේ

9. දන් නොදෙන්නා – දුප්පත්ව උපදියි

10. දන් දෙන්නා – පොහොසත්ව උපදී

11. අධික මානයෙන් යුතු අය- පහත් කුලවල උපදී

12. මානයෙන් තොර අය – උසස් කුලවල උපදී

13. කුසල් අකුසල් පිළිබඳව නොවීමසන්නා – ප්‍රඥාව අඩුව උපදී

14. කුසල් අකුසල් ( ධර්මය ) විමසන්නා – ප්‍රඥාවන්ත වේ

අණන සූත්‍රය -අනේපිඬු සිටුතුමා හට දේශනා කළ සේක.

 ගිහියන් විසින් උපදවා ගත යුතු සැප 4ක්‌ ( චතුර්විධ සැප ) අන්තර්ගතය.

1. අත්ථි සුඛය – උත්සාහයෙන්, දෑතෙ මහන්සියෙන්, දහඩිය හෙළා ධාර්මික උපයා ගත් ධනයක් ඇත යන සතුට

2. භෝග සුඛය – ධාර්මික උපයාගත් ධනය පරිභෝග කිරීමෙන් ලබන සතුට

3. අණන සුඛය – කිසිවෙකුට ණය නැතැයි යන සතුට

4. අනවජ්ජ සුඛය – නිවැරදි කාය, වචී, මනෝ කර්මයෙන් යුක්ත වෙමියි යන සතුට

 භද්දාලි සූත්‍රය – ආහාරයෙහි ප්‍රමාණය දැන අනුභව කිරීම (ආහාර මත්ඤ්ඤුතා ) නිසා ලැබෙන ප්‍රතිඵල  5කි.

1. රෝගාබාධ අඩුවීම

2. නිදුක් බව

3. සැහැල්ලු පැවැත්ම

4. කාය බලය

5. සුවපහසු පැවැත්ම

 පත්තකම්ම සූත්‍රය – අනේපිඬු සිටුතුමා හට දේශනා කළ සේක.

 උත්සාහයෙන්, දෑත මහන්සියෙන්, දහඩිය හෙළා, ධාර්මිකව උපයන ධනය පරිභෝග කළ යුතු ආකාර 4ක් ඇතුළත් වේ.

1. තමාගේ ද, මවුපියන්ගේද, අඹු දරුවන්ගේ ද, සේවකයන්ගේද සැපත හා යහපත වෙනුවෙන් යෙදවීම.

2. උත්සාහයෙන්, දෑතේ මහන්සියෙන්, දහඩිය හෙලා, ධාර්මිකව උපයන ධනය විනාශ වීමට නොදි රැක ගත යුතුය. ( ගින්නෙන්, ජලයෙන්,  සොරුන්ගෙන්…)

3. පංච බලි නම් යුතුකම් ඉටු කළ යුතුය.

4. ධාර්මිකව ඉපයූ ධනයෙන් පැවිදි උතුමන්ට දානාදියෙන් සංග්‍රහ කළ යුතුය.

බෞද්ධ රාජ්‍ය පාලන මූලධර්ම

1. දස සක්විති වත්

2. සප්ත අපරිහානීය ධර්ම

3. දස රාජ ධර්ම

4. සතර අගතියෙන් තොරවීම

5. සිව් බඹ විහරණ

6. සතර සංග්‍රහ වස්තු

7. පංචශීල ප්‍රතිපත්තිය

 දස සක්විති වත්

 දීඝ නිකායේ චක්කවත්තී සීහනාද සූත්‍රයේ මෙම කරුණු අන්තර්ගත වේ.

 එහි සඳහන් ප්‍රවාදයට අනුව දල්හනේමි නම් වූ දැහැමි රජු තම පුත්‍රයාට මේ කරුණු පිළිබඳව පවසා ඇත.

1. අඹු දරුවන් ඇතුළු රජ පවුලේ පිරිසට

2. රට රකින බල සෙනඟට

3. රාජ්‍ය සේවයේ නියුතු ක්ෂත්‍රිය පිරිසට 

4. කෘෂිකර්මය ආදී නිෂ්පාදන කටයුතුවල යෙදෙන බ්‍රාහ්මණ ගෘහපතියන්ට

5. කුඩා ගම්වල වැසියන්ට හා ජනපදවාසීන්ට

6. ජනයාගේ සදාචාර සංවර්ධනයට මගපෙන්වන ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිසට

7. තිරිසනුන්ට හා පක්ෂීන්ට

8. රටේ අධාර්මික ක්‍රියා ඇති නොවන සේ ක්‍රියා කිරීම

9. දිළිඳු ජනයාට ධනය දීම

10. සිල්වත්, ගුණවත්, වියත්, මහණ බමුණන්ගේ අවවාද ලබා ගනිමින් රට පාලනය කිරීම

  • දස සක්විතිවත්වල අන්තර්ගත වැදගත් කරුණු :

I. ධාර්මිකව රාජ්‍ය පාලනය

II. මිනිස් තිරිසන් සෑම කොටසකටම ආරක්ෂාව ලබාදීම

III. නීති විරෝධී අධාර්මික ක්‍රියා වැළැක්වීම

IV. සුදුසු පුද්ගලයන්ගෙන් උපදෙස් ලබා ගැනීම

 දස රාජ ධර්මය

1. දානය – රටවැසියාගේ ආර්ථික සුරක්ෂිතතාව උදෙසා ප්‍රාග්ධනය / යටිතල පහසුකම් සැපයීම

2. සීලය – කායික හා වාචසික සංවරයෙන් යුක්ත වීම

3. පරිත්‍යාගය – රටවැසියාගේ යහපත සඳහා තම කාලය, ශ්‍රමය, ධනය,  සුවපහසුව කැප කිරීම

4. සෘජු බව – සතර අගතියෙන් තොරව සාධාරණව, අවංකව ක්‍රියා කිරීම

5. මෘදු බව – මොළොක් වූ හදවතින් ජනතාවගේ දුක හැදින ක්‍රියා කිරීම

6. තපස- පසිඳුරන් පිනවීමට ගිජු නොවීම

7. අක්‍රෝධය – ක්‍රෝධයෙන්, වෛරයෙන් තොරවීම

8. අවිහිංසාව – හිංසාවෙන් තොරව රට පාලනය කිරීම

9. ඉවසීම- දුරදිග බලා ඉවසිලිවන්තව ක්‍රියා කිරීම

10. අවිරෝධතාව – විවිධ මත දරන්නන් සමඟ නොගැටී, මධ්‍යස්ථව ක්‍රියා කිරීම

 සතර සංග්‍රහ වස්තු

1. දානය -…

2. ප්‍රිය වචනය – වචනයෙන් සිදුවන වැරදි 4න් තොරව කතාබස් කිරීම.

3. අර්ථ චර්යාව  – අන් අයගේ යහපත හා දියුණුව පිණිස කටයුතු කිරීම

4. සමානාත්මතාව – ජාති, ආගම්, කුල භේද නොසලකා සම සිතින් කටයුතු කිරීම

 සිව් බඹ විහරණ

I. මෙත්තා – මෛත්‍රිය/ හිතවත්කම

II. කරුණා – දුකට පත් ජනයා දුකින් මුදවා ගැනීම සඳහා ඇතිවන අනුකම්පාව

III. මුදිතා – අන් අයගේ දියුණුව දැක සතුටට පත්වීම

IV. උපේක්ඛා – මැදිහත් බව

 සප්ත අපරිහානිය ධර්ම – බුදුරජාණන් වහන්සේ විසින් වජ්ජි රජදරුවන්ට ඉගැන්වූ පාලන ක්‍රමයකි.

1. නිතර රැස්වීම

2. සමගිව රැස්වී, සමගිව සාකච්ඡා කොට, සමගිව විසර යාම

3. පෙර නොපැනවූ නීති නොපැනවීම, පනවන ලද නීති ආරක්ෂා කිරීම

4. වැඩිහිටියන්ට ගරු කිරීම

5. කාන්තාවන්ට ආරක්ෂාව සැලසීම

6. වජ්ජි රාජ්‍ය තුළ හා පිටත පූජනීය ස්ථාන ආරක්ෂා කිරීම

7. තම රාජ්‍යයට පැමිණි හා පැමිණෙන පූජනීය උතුමන්ට පහසුකම් සැලසීම

  • සප්ත අපරිහානීය ධර්මවල ඇතුලත් දස සක්විතිවත්වල අන්තර්ගත නොවන වැදගත් ප්‍රතිපත්ති කිහිපයකි.

I. නීතිය ආරක්ෂා කළ යුතුය

II. රාජ්‍ය පාලකයින් සමගිව ක්‍රියා කළ යුතුය

III. කාන්තාවන්ට ආරක්ෂාව සැලසීම

IV. පූජනීය ස්ථාන රැක ගැනීම හා පූජනීය උතුමන්ට පහසුකම් සැලසීම

 බුද්ධකාලීන භාරතයේ පැවති පාලන ක්‍රම 2කි.

1. රාජාණ්ඩු ක්‍රමය

2. සමූහාණ්ඩු පාලනය / ගණතන්ත්‍ර පාලනය

උදා : වජ්ජි රජ දරුවන්

  • චක්‍රවත්ති සිහනාද සූත්‍රය – දිළින්දන්ට ධනෝපායන මාර්ග නොමැති වීම නිසා සමාජ ප්‍රශ්න ඇතිවන ආකාරය පටිච්චසමුප්පාද න්‍යායට අනුව පෙන්වා දී ඇත.
  • මහා නිධාන සූත්‍රය – තණ්හාව මුල් කොට ගෙන සමාජයේ කලකෝලාහල ඇතිවන ආකාරය පටිච්චසමුප්පාද න්‍යායට අනුව පෙන්වා දී ඇත.
  • අග්ගිවච්ඡගොත්ත සූත්‍රය – දර, ගිනි යන භෞතික වස්තූන් අතර ඇති හේතුඵල සම්බන්ධය පැහැදිලි කර තිබේ.

 සිදුහත් බෝසතුන් මුහුණ දුන් අභියෝග  –

 ශිල්ප හැදෑරීම

 විවාහය

 සතරපෙර නිමිති දැකීම

 රාහුල කුමරුගේ උපත

 නිබ්බූත  පද ඇසීම

 ගිහිගෙය හැර යාම

 දුෂ්කරක්‍රියා සමය

 බුදුරජාණන් වහන්සේ මුහුණ දුන් අභියෝග :

 දස මාර සේනාව පරාජය කිරීම

 තණ්හා, රති, රඟා යන මාර දූවරුන්ට මුහුණ දීම

 අනිමිස ලෝචන පූජාව

 ලෝකයාට ධර්මය දේශනා කිරීම

 තනතුරු ප්‍රධානය

 වේරංජා පුරයේ වස් විසීම

 ධර්මධර හා විනයදර භික්ෂූන් අතර කළහය

 පාසල් සිසුන්ගේ දියුණුවට බාධා කරන මාර බලවේග :

 කුසගින්න

 අලස බව

 දඩබ්බර ගතිය

 ඊර්ෂ්‍යාව

 පළිගැනීම

 තරුණ මදය

 ධම්මපදය / බෞද්ධයාගේ අත්පොත

 සූත්‍ර පිටකයේ ඛුද්ධක නිකායට අයත් වේ.

 වග්ග 26කි.

 ගාථා 423 කී.

 නිධාන කතා 299 කි.

රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං – රාහුලෙක් උපන්නා බන්ධනයක් ඇතිවුණා

 භාවේති කුසල ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතා යථාති භාවනා – කුසල් දම් වැඩි දියුණු කරන මානසික අභ්‍යාසය භාවනාවයි

 චිත්තං සමේතීති සමථෝ – සිත සන්සුන් කරන්නේ සමථයයි

 සමග්ගා හෝථ මා විවදථ – සමගි වන්න විවාද නොකරන්න

 සමවායෝ එව සාදු –  සමගියම යහපති

 චේතනාහං භික්ඛවේ කම්මං වදාමි – මහණෙනි, මම චේතනාවම කර්මය යැයි කියමි.

 චේතයිත්වා කම්මං කරෝති, කායේන වාචාය මනසා – සිතින් සිතා, කයෙන් වචනයෙන් මනසින් කර්ම සිදුකරයි

දූරංගමං ඒක චරං – දුර ගමන් යන, තනිව හැසිරෙන

අසරීරං ගුහාසයන් – ශරීරයක් නැති ගුහාවක වෙසෙන

යේ චිත්තං සඤ්ඤ මෙස්සන්ති- මේ සිත දමනය කරගන්නා තැනැත්තා

මොක්ඛන්ති මාර බන්ධනා – මාරයාගේ බැම්මෙන් මිදෙයි

 ඉමස්මිං සති ඉදං හෝති – මෙය ඇති කල්හි මෙය ඇති වේ

 ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති – මෙය උපන් කල මෙය උපදී 

 ඉමස්මිං අසති ඉදං න හෝති – මෙය නැති කල්හි මෙය ඇති නොවේ

 ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති – මෙය නැති වීමෙන් මෙය නැතිවේ

යථාභූත ඤාණ දස්සනය – ඇත්ත ඇති සැටියෙන් දැකීම

 අනිච්චාවත සංඛාරා උප්පාද වයධම්මිනෝ – ඇතිවී නැතිවී යන බැවින් සංස්කාර ඒකාන්ත වශයෙන්ම අනිත්‍යය ( පරිනිබ්බාන සූත්‍රය )

 විසේසේන පස්සතීති විපස්සනා – විශේෂයෙන් දැකීම විපස්සනාවයි

 හේතුං පටිච්ච සම්භූතං – හේතු භගා නිරුජ්ජති – හේතු නිසා හටගත් දෑ හේතු නැති වන විට නැතිවී යයි

 විනයෝ නාම සාසනස්ස ආයු – විනය, සසුනේ ආයුෂයයි

 ආරෝග්‍යා පරමා ලාභා – නිරෝගි බව පරම ලාභයයි

 යෝනිසෝ මනසිකාරය – විමසා බලා කටයුතු කිරීම

 අග්ගෝ හමස්මි ලෝකස්ස… – උපත ලද මොහොතේ කළ සිංහ නාදය

 අනේක ජාති සංසාරං… – බුදු වූ පසු පැවසූ උදාන වාක්‍යය

බන්දදානි භික්ඛවේ – අමන්ත යාමී වෝ

වයධම්මා සංඛාරා – අපමාදේන සම්පාදේත  – අවසන් බුද්ධ වචනය

මහණෙනි, කරුණාවෙන් ඔබ අමතමි. සියලු සංස්කාර නැසෙන සුළුය. නොපමාව දුකින් මිදීම පිණිස කුසල ධර්ම සම්පූර්ණ කරන්න.

 පරචිත්ත විජානන ඥානය – අන් අයගේ සිත දැන ගැනීමේ නුවණ

 ආසවක්‌ඛ්‍යය ඥානය – සියලු කෙලෙස් නැති කිරීමේ නුවණ

 ජිගච්ඡා පරමා රෝගා – කුසගින්න බලවත්ම රෝගයයි

 “උට්ඨානවතෝ සතිමතෝ… ” ධම්මපද ගාථාවේ සඳහන් දියුණු වන පුද්ගලයකු තුළ තිබිය යුතු ගුණාංග 7කි.

1. උට්ඨානවතෝ – උත්සාහවන්ත බව

2. සතිමතෝ – සිහියෙන් යුක්තවීම

3. සුචිකම්ම – කයෙන්, වචනයෙන්, සිතෙන් නිවැරැදි දේ කිරීම

4. නිසම්මකාරී- නුවණින් පිරික්සා බලා කටයුතු කිරීම

5. සඤ්ඤත – හික්මීම

6. ධම්මජීවී – දැහැමිව ජීවත්වීම

7. අප්පමත්ත – ප්‍රමාද නොවී ක්‍රියා කිරීම

 දෝනපාක සූත්‍රය – ප්‍රමාණය දෙන ආහාර ගන්නාගේ ආයුෂ වැඩෙන බව සඳහන්වේ. ( ප්‍රමාණය ඉක්මවා ආහාර ගෙන අපහසුවෙන් සිටි කොසොල් රජුට බුදුරදුන් අවවාද කළ සේක )

 චුල්ලහත්ථි පදෝපම සූත්‍රය- ඇත් අඩි උපමාව : සමීප හේතු පමණක් සලකා බලා ත්‍රිවිධ රත්නය පිළිබඳ නිගමනවලට නොඑළඹිය යුතු බව සඳහන් වේ .

 වාසෙට්ඨ සූත්‍රය – වෙනත් සත්ත්ව වර්ගයා අතර ජීව විද්‍යාත්මක වෙනස්කම් ඇතත් මිනිස් වර්ගයා අතර එවැනි වෙනස්කම් නොමැති බව සඳහන් වේ.

 සම්මා දිට්ඨිය : නිවැරදි දැක්ම

 සච්ච විභංග සූත්‍රය – සම්මා දිට්ඨීය යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ ඥානයයි.

 සම්මා දිට්ඨිය පස් ආකාර බව අටුවාවල සඳහන් වේ.

1. කම්මස්සකතා සම්මා දිට්ඨිය – තමන් කරන ක්‍රියාවල විපාක ලැබෙන බව දැකීම

2. ධ්‍යාන සම්මා දිට්ඨිය – ලෞකික ධ්‍යාන උපදවාගත් පසු සිල් රැකීමේ ප්‍රතිලාභ නිවැරදිව දැන ගැනීම

3. විදර්ශනා සම්මා දිට්ඨිය – ත්‍රිලක්ෂණය දැකීම

4. මාර්ග සම්මා දිට්ඨිය – සිව්සස් අවබෝධ කරගන්නා දැක්ම

5. ඵල සම්මා දිට්ඨිය – සෝවාන් ආදී ඵල සිත්වල ඇතිවන දැක්ම

1,2,3 – ලොකික ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් වේ

4, 5 – ලෝකෝත්තර පුද්ගලයන්ගේ සිත්වලට සීමා වේ

 බුදු ගුණ රාශි 9කි.

 අරහං- රහසින්වත් පව් නොකළ නිසා

 සියලු කෙලෙස් දුරු කළ නිසා

 සියලු පූජාවන් ලැබීමට සුදුසු නිසා

 සුගත- ආර්ය මාර්ගය අනුගමනය කළ නිසා

 නිර්වාණයට සැපත් වූ නිසා

 යහපත් වචන ඇති නිසා

 පුරිසධම්මසාරති – නොහික්මුණු පිරිස් හික්මවා ගැනීමේ හැකියාව 

 දහම් ගුණ 6කි.

 සන්දිට්ඨික – තමා විසින්ම පිළිපැද මෙලොවදීම ප්‍රතිඵල දැකගත හැකි බැවින්

 සංඝ  රත්නයේ ගුණ 9කි.

 සුපටිපන්න – සංඝරත්නය මනා වූ පිළිවෙත් පුරන නිසා

 (තෙරුවනෙහි සූවිසි ගුණය යනු ; 9+6+9 = 24)

අනුරාධපුර යුගය

 සීහාලට්ඨ කතා ( හෙළ අටුවා )- පැරණිම බෞද්ධ කෘති

 සිඛවළඳ

 සිඛවළදවිනිස

 ධම්පියා අටුවා ගැටපදය

 සීගිරියේ පද්‍ය නිර්මාණ මේ යුගයට අයත්ය.

 පොළොන්නරු යුගය

 අමාවතුර ( පුරිසදම්ම සාරථි ගුණය )- ගුරුළුගෝමී පඬිතුමා

 ධර්මප්‍රදීපිකාව ( පාලි බෝධිවංශය පදනම් වී ඇත )- ගුරුළුගෝමි පඬිතුමා

 බුත්සරණ ( නව අරහාදි බුදුගුණ ) – විද්‍යා චක්‍ර වර්ති පඬිතුමා

 මුවදෙව්දාවත ( මඛාදේව ජාතකය )- කාව්‍ය ග්‍රන්ථ

 සසදාවත ( සසර ජාතකය ) – කාව්‍ය ග්‍රන්ථ

 දඹදෙණි යුගය

 පූජාවලිය ( අරහං බුදු ගුණය )- බුද්ධ පුත්‍ර හිමි

 සද්ධර්මරත්නාවලිය- ධර්මසේන හිමි 

 කව්සිළුමින ( කුස ජාතකය)- 2 වන පරාක්‍රමබාහු රජු

 දහම් සරණ, සඟ සරණ, සිදත් සඟරාව, පියුම්මල් නැමැති නිඝණ්ඩුව, එළු සඳස් ලකුණ

 කුරුණෑගල යුගය

 පන්සිය පනස් ජාතකය (ජාතක කතා 547)

 සිංහල බෝධි වංශය (ජය ශ්‍රී මහා බෝධියේ ඉතිහාසය )

 ථූපවංශය (රුවන්වැලි සෑයේ විස්තරය) – විද්‍යා චක්‍රවර්තී පරාක්‍රම පණ්ඩිත

 ගම්පොළ යුගය

 මෛර සංදේශය (5 වන බුවනෙකබාහු රජ සමයේදී )

 තිසර සංදේශය

 නිකාය සංග්‍රහය හෙවත් ශාසනාවතාරය – ද්වීතීය ධර්ම කීර්ති හිමි

 එළිඅත්තනගලු වංසය, සද්ධර්මාලංකාරය

 කෝට්ටේ යුගය

 සැළලිහිණි සංදේශය, පරවි සන්දේශය, කාව්‍යශේකරය,  පඤචිකා ප්‍රදීපය, බුද්ධිප්පසාදිනිය – තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

 ලෝවැඩ සඟරාව, බුදු ගුණාලංකාරය – වීදාගම මෛත්‍රිය හිමි

 ගුත්තිල කාව්‍ය – වෑත්තෑවේ  හිමි

 කෝකිල සංදේශය, ගිරා සන්දේශය, හංස සංදේශය, දහම් ගැට මාලාව, චූල බෝධිවංශය, පැරකුම්බා සිරිත

 බුදු දහම ස්ථාපිත වූ පසුව මෙරට ඉදි වූ ප්‍රථම ස්ථූපය :

ථූපාරාමය – දකුණු අකු ධාතූන් වහන්සේ – දේවානම්පියතිස්ස රජු

 ස්ථූප : වර්ග 6කි.

  • ඝණ්ඨාකාර – ථූපාරාමය, මහියංගන ස්ථූපය
  • ඝඨාකාර (කළයක හැඩය) –  කතරගම කිරිවෙහෙර (පෙර පැවැති හැඩය )
  • බුබුලාකාර – රුවන්වැලි සෑය අභයගිරිය
  • ධාන්‍යාකාර – කැලණිය
  • පද්මාකාර – දැඩිගම කොටවෙහෙර
  • ආමලාකාර (නෙල්ලි ගෙඩියක හැඩය )

 ස්ථූපයක අංග :

1. තුන්මහල් පේසාව

2. ගර්භය

3. හතරැස් කොටුව

4. දේවතා කොටුව

5. කොත් කැරැල්ල

6. චූඩා මාණික්‍යය

 චේතියඝර / වටදාගෙය : ස්ථූප වටා ඉදි වූ ගෘහය ( මැදිරිගිරිය වටදාගෙය/ පොළොන්නරුව වටදාගය )

 වාහල්කඩ: ස්ථූපවල ගර්භයේ සිව් දෙසින් තනා ඇත ( මිහින්තලේ කණ්ඨක චෛත්‍යය )

 බෝධිඝර : බෝධිය වටා ඉදිවූ පියස්ස ( කුරුණෑගල නිල්ලක්කම බෝධිඝරය )

 සඳකඩ පහණ (අඩ්ඩචන්දපාසාණ )-  අනුරාධපුර බිසෝ මාලිගය

 අනුරාධපුර යුගයට අයත් සඳකඩ පහණින් භව චක්‍රය නිරූපණය වේ. ( මහාචාර්ය සෙනරත් පරණවිතාන )

 කොරවක්ගල : පියගැටපෙළ දෙපස පිහිටි අත්වැල

 බුදුපිළිම වර්ග 3කි.

1. හිටි පිළිම : අවුකන (ආබද්ධ), මාළිගාවෙල (අනාබද්ධ)

2. හිඳි පිළිම : අනුරාධපුර සමාධි පිළිමය, තොලුවිල සමාධි පිළිමය

3. සැතපෙන / ඔත් පිළිම : පොළොන්නරුව ගල් විහාරය,  තන්තිරිමලේ සැතපෙන පිළිමය

 චංකමන – සක්මන් ඉරියව්ව – තිවංක ප්‍රතිමා ගෘහය

 මුද්‍රා: 6කි.

  • ධ්‍යාන  – භාවනානුයෝගි ඉරියව්ව  ( සමාධි පිළිමය)
  • අභය- සසර බිය දුරු කිරීම (අවුකන/  ගල් විහාර ප්‍රතිමා)
  • විතර්ක – ගැටලු විසඳීම
  • ධර්ම චක්‍ර – ධර්මය පැහැදිලි කිරීම
  • වරද – වරදානය
  • භූමි ස්පර්ශ – මාර පරාජයේදී පොළොව සාක්ෂි දැරීම ( හිඳි පිළිමවල පමණක් දක්නට ඇත )

 ආසන: හිඳි පිළිමවල පාද පිහිටුවා ඇති ආකාරය

 වීරාසනය

භද්‍රාසනය

පද්මාසනය

 පිළිම නෙළීමට පෙර වන්දනාමාන කර ඇති පූජනීය වස්තු

 බෝධිය

වජ්‍රාසනය

ධර්මචක්‍රය

සිරිපතුල

පද්මය

ස්තූපය

අනුරාධපුර යුගයේ චිත්‍ර – සීගිරිය, හිඳගල

 පොළොන්නරු යුගයේ චිත්‍ර –

 මහියංගන ස්ථූපයේ ධාතු ගර්භය

 දිඹුලාගල ලෙන

 තිවංක පිළිම ගෙය ( බුදුරදුන් දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම කිරීම, සස/ වෙස්සන්තර /සාම ආදී ජාතක කතා )

 මහනුවර යුගයේ චිත්‍ර –

 දෙගල්දොරුව, මැදවල, දඹුල්ල,  රිදී විහාරය, බඹරගල, කැලණිය

 චිත්‍ර ශිල්පීන් – දෙවරගම්පොළ සිල්වත් තැන, හිරියාලෙ නයිදේ, දේවේන්ද්‍ර මූලාචාරියා

 නූතන යුගයේ චිත්‍ර  –

රිචඩ් හෙන්රිකස්  – ග්‍රෑන්ඩ්පාස් හි ජයතිලකාරාමය, ජිනරාජ වංශය ග්‍රන්ථයට ඇඳි සිතුවම්

 එම්. සාර්ලිස් – කොළඹ මාලිගාකන්ද විහාරය, අශෝකාරාමය, ඉසිපතනාරාමය, වේළුවනාරාමය, පොතුපිටිය පූජාරාමය

 සෝලියස් මෙන්දිස් – කැලණිය, මාවිල සුමන කුසුමාරාමය,  රනස්ගල්ල විහාරය, මැද්දෙපොළ විහාරය

 ජෝර්ජ් කීට් – බොරැල්ල ගෝතමී විහාරය

 ඇල්බට් ධර්මසිරි – වෙහෙරගොඩැල්ල විහාරය

 සෝමබන්දු විද්‍යාපති – බෙල්ලන්විල විහාරය

ප්‍රතිමාඝර ( ප්‍රතිමා සඳහා ඉදි වූ ගෘහය ): වර්ග 3කි.

 ගන්ධ කුටි – තොලුවිල, පන්කුළිය, කිරිබත් වෙහෙර

 පාසාද – රත්න ප්‍රාසාදය , බිසෝ මාලිගා ගොඩනැගිල්ල

 ගෙඩිගේ – නාලන්දා ගෙඩිගේ, ලංකාතිලකය, තිවංක පිළිමගෙය

 ටැම්පිට විහාර ( මහනුවර යුගයේදී ඉදිවූ පිළිම ගෙවල් විශේෂයකි )

 හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි –  කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන ඇරඹීය.

 රත්මලානෙ ධර්මාලෝක හිමි – කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ඇරඹීය.

 රිස් ඩේවිඩ්ස් : එංගලන්තයේ පාලි ග්‍රන්ථ සමාගම පිහිටුවීය.

 බිම්බිසාර රජු –  වේළුවනාරාමය

 අනේපිඬු සිටුතුමා – ජේතවනාරාමය

 විශාඛා සිටු දේවිය –  පූර්වාරාමය

 භික්ෂූන්ට කායික ව්‍යායාමයක් ලෙස සක්මන් මළුව අනුමත කළේ – ජීවක වෛද්‍යවරයාගේ ඉල්ලීම පරිදිය.

 බුදුරදුන්ගේ බාහිර පෞරුෂය කෙරෙහි පැහැදීම හේතුවෙන් පැවිදි වූයේ – වක්කලී හිමියන්

 චරිතයට සුදුසු කමටහන් ලබා රහත් බවට පත් වූ සැරියුත් හිමිගේ ගෝල නම වන්නේ – ස්වර්ණකාර හිමියන්

 තනතුරු ප්‍රදානය පිළිබඳ චෝදනා එල්ල කළේ – චන්න හිමි

 බුදුරදුන් විසින් මහා කරුණාවෙන් තම පිහිට ලැබිය යුත්තන් කවුරුන්දැයි සොයා බැලූයේ – පැසුළුයම් කිස ආරම්භයේදී ය.

 ඍතු තුන – ගිම්හාන, හේමන්ත, වස්සාන

 මාලිගා තුන – රම්‍ය, සුරම්‍ය, සුභ

 සිදුහත් කුමරු විවාහ වූයේ – යශෝධරා දේවිය සමඟ ( භද්දකච්චායනා කුමරිය/  බිම්බා දේවිය )

 යශෝධරා දේවියගේ පියා- සුප්‍රබුද්ධ රජු

 නිබ්බූත පද කීවේ – කිසාගෝතමිය

 සිදුහත් කුමරුගේ ගුරුවරයා – සර්ව මිත්‍ර බමුණා

 සුද්ධෝදන රජුගේ ගුරුවරයා – අසිත හෙවත් කාලදේවල තවුසා (ධ්‍යාන ලාභියෙකි)

 සිදුහත් බෝසතාණන්ගේ ගුරුවරුන් –

 භග්ගව තවුසා

 ආලාරකාලාම තවුසා – සප්ත සමාපත්ති ලාභියෙකි

 උද්දකරාමපුත්ත තවුසා- අෂ්ඨ සමාපත්ති ලාභියෙකි

 අගසව් දෙනම –

 සැරියුත් හිමි ( උපතිස්ස )

 මුගලන් හිමි ( කෝලිත )

 කොසොල් රජු විසින් හෙළිකළ ශ්‍රද්ධාවන්ත වඩුවන් දෙදෙනා වන්නේ – ඉසිදත්ත, පුරාණ

 ස්වභාවික පරිසරය ආශ්‍රිතව වස් විසූ අවස්ථා –

1 වස් කාලය- බරණැස ඉසිපතනය ( මුවන්ගේ අභය භූමියකි )

2,3,4 වන වස් කාලයන්- වේළුවනාරාමය ( උණ ගසින් සැදි ලේනුන්ගෙ අභය භූමියකි )

10 වන වස් කාලය – පාරිලෙය්‍ය  වනය

 ස්වභාවික පරිසරය ආශ්‍රිතව දම් දෙසූ අවස්ථා –

 දම්සක් පැවතුම් සූත්‍රය- බරණැස ඉසිපතන මිගදාය

 සාමාඤ්ඤඵල සූත්‍රය – ජීවක අඹ උයන

කසී භාරද්වාජ සූත්‍රය – කෙත් යායකදී

 අවිධිමත් ලෙස ආහාර අනුභව කරන්නන් 5 දෙනෙකි.

1. ආහාර හත්ථක – උදව් නැතිව නැගිටින්නට බැරි තරමට ආහාර ගන්නා තැනැත්තා

2. අලංසාටක – ඇඳුම් ගැනවත් නොසලකා ආහාර ගන්නා තැනැත්තා

3. තත්ථාවට්ටක – නැගිටීමට බැරිව එහෙම පෙරළී සිටින්නා

4. කාකමාසක – උගුරටම පිරෙනතුරු ආහාර ගන්නා

5. භුත්තවමිතක – අනුභව කළ ආහාර වමාරා නැවත ආහාරයට ගන්නා

ප්‍රථම සංගායනාව

 බුද්ධ පරිනිර්වාණයෙන් – මාස තුනකට පසු

 ප්‍රධාන හේතුව- සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය

 මූලිකත්වය – මහා කාශ්‍යප රහතන් වහන්සේ

 දායකත්වය- අජාසත් රජු

 ස්ථානය- රජගහනුවර, වේහාර පර්වතය පාමුල,  සප්තපර්නි ගුහාව ඉදිරිපිට

 ගත වූ කාලය – මාස 7යි

 සහභාගි වූ ප්‍රමාණය -500

 වෙනත් නම්- පංචසතිකා සංගීතය

 ප්‍රතිඵල – විසිරී පැවති ධර්මය ඒකරාශී කිරීම

 ධර්ම විනය කොටසක් කර භාණක පරපුරට පැවරීම

 දෙවන සංගායනාව

 බුද්ධ පරිනිර්වාණයෙන් – වසර 100කට පසු

 ප්‍රධාන හේතුව – වජ්ජිපුත්තක භික්‍ෂූන්ගේ දස අකැප වස්තු

 මූලිකත්වය – සබ්බකාමී රහතන් වහන්සේ

 දායකත්වය – කාලාශෝක රජු

 ස්ථානය – විශාලා මහනුවර වාලුකාරාමය

 ගත වූ කාලය – මාස 8යි.

 සහභාගි වූ ප්‍රමාණය -700

 වෙනත් නම්- සත්තසතිකා සංගීතිය

 ප්‍රතිඵල – දස අකැප වස්තුව ප්‍රතික්ෂේප කිරීම

 ශික්‍ෂාපද ලිහිල් නොකොට පවත්වාගෙන යාම

 අටළොස් නිකාය බිහිවීම

 තෙවන සංගායනාව

 බුද්ධ පරිනිර්වාණයෙන් – වසර 236 කට පසු

 ප්‍රධාන හේතුව – දුසිල් මහණුන් සසුන්ගත වීම

 මූලිකත්වය – මොග්ගලීපුත්තතිස්ස රහතන් වහන්සේ

 දායකත්වය – ධර්මාශෝක රජු

 ස්ථානය – පැළලුප් නුවර අශෝකාරාමය

 ගත වූ කාලය – මාස 9

 සහභාගි වූ ප්‍රමාණය – 1000

 වෙනත් නම්- සාහස්සිකා සංගීතය

 ප්‍රතිඵල – දුසිල් මහණුන් සසුනෙන් නෙරපීම

 දේශීය විදේශීය ධර්ම ප්‍රචාරය

 කතාවත්ථුප්පකරණය ඇතුළත් අභිධර්ම පිටකය සම්පූර්ණ කිරීම

 ත්‍රිපිටකය අංග සම්පූර්ණ වීම

 සිව්වන සංගායනාව

 බුද්ධ පරිනිර්වාණයෙන් –

 ක්‍රි. පූ. 1 වන සියවස

 ප්‍රධාන හේතුව – ත්‍රිපිටකාධාරී භික්ෂූන් හා ධර්මය විනාශ වීමේ අවධානම

 මූලිකත්වය-

 දායකත්වය- ප්‍රාදේශීය නායකයෙකු

 ස්ථානය – මාතලේ අලු විහාරය ( ශ්‍රී ලංකාව )

 ගත වූ කාලය –

 සහභාගි වූ ප්‍රමාණය – 500

 වෙනත් නම්- පුස්තකාරූඩ සංගීතය

 ප්‍රතිඵල – ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ  කිරීම

කණිෂ්ක ධර්ම සංගායනාව (සර්වාස්තිවාදී සංගායනාව )

 භාරතයේ පැවති 4වන සංගායනාවයි. ( ථේරවාද ධර්ම සංගායනාවක් නොවේ )

 දායකත්වය – කනිෂ්ක රජු

 මූලිකත්වය – පාර්ශව තෙරුන්

 සර්වාස්ථවාදී භික්ෂූන් 500ක්‌ සම්බන්ධ විය.

 සංගායනාවට හේතු – නිකාය වශයෙන් බෙදුනු සංඝ සමාජයේ විවිධාකාරයෙන් ධර්මය විවරණය කිරීම

 සර්වාස්තිවාදී ධර්මයට අනුව අටුවා සම්පාදනයේ අවශ්‍යතාවය

 ප්‍රතිඵල – විභාෂා නම් සර්වාස්තිවාදී ධර්මයට අනුව අටුවා සම්පාදනය

 අටුවා ග්‍රන්ථ තඹ පත්වල ලියා ස්තූපයක තැන්පත් කිරීම

 පාලියෙන් පැවති ත්‍රිපිටක ධර්මය සංස්කෘත භාෂාවට පරිවර්තනය කිරීම

 මහායාන සම්ප්‍රදාය ආරම්භ වීම

 මධ්‍යම ආසියාවේ මහායාන ධර්මය ප්‍රචාරය කිරීම

 ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායට අයත් 5වන හා 6වන සංගායනා මියන්මාරයේ ( බුරුමය ) පැවැත්වුණි.

 මහින්දාගමනය –

 මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කිරීම ( බුද්ධ පරිනිර්වාණයෙන් වසර 256 කට පසුව

 දේවානම්පියතිස්ස රජුගේ 1 වන රාජ්‍ය වර්ෂය

ධර්මාශෝක රජුගේ 18 වන රාජ්‍ය වර්ෂය )

 දුමින්දාගමනය-

දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සමඟ සංඝමිත්තා තෙරණිය මෙරටට වැඩම කිරීම

මහින්දාගමනයට පෙර ලක්දිව පැවති ඇදහිලි හා විශ්වාස  –

 වෘක්ෂ වන්දනාව —–> බෝධි වන්දනාව

 ගිනි දෙවියන් පිදීම —–> බුදුරදුන් පිදීම / දෙවියන්ට පින්දීම

 මළවුන් ඇදහීම —–> මළවුන්ට පින් අනුමෝදන් කිරීම

 ගල් පර්වත ඇදහීම —–> චෛත්‍ය හා බුදුපිළිම වලට වන්දනා කිරීම

 බුදු දහමත් සමඟ අප ලත් දායාද –

  • අරිට්ඨ කුමරු පැවිදි වීමෙන් භික්ෂු සමාජය ආරම්භ වීම
  • ලක්දිව පුරා වෙහෙර විහාර ඉදිවීම
  • මහා විහාරය කේන්ද්‍ර කොටගෙන ජාතික අධ්‍යාපන ක්‍රියාවලිය ආරම්භ වීම ( මහා විහාරයට අයත්ව තිබූ ගොඩනැගිලි – තංගුත්ත පිරිවෙන, කාලපාසාද පිරිවෙන )
  • භාරතීය බ්‍රාහ්මීය අක්ෂර පදනම්ව සිංහල අක්ෂර මාලව සකස් කිරීම
  • ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කිරීම
  • අනුලා බිසව පැවිදි වීමෙන් භික්ෂුණී සමාජය ආරම්භ වීම
  • බුද්ධ ප්‍රතිමා, සුවිසල් සෑයවල් ඉදිවීම
  • විහාරාරාම ආශ්‍රිතව චිත්‍ර, මූර්ති, කැටයම් ආදී කලා කෘති බිහි වීම
  • බෞද්ධ මූලාශ්‍ර පදනම් වූ සාහිත්‍ය කෘති බිහිවීම
  • විධිමත් වන්දනාමාන හා පුද සිරිත් පද්ධතියක් බිහිවීම
  • බෞද්ධ ඉගැන්වීම් අනුව දැහැමි රාජ්‍ය පාලන ක්‍රමයක් ඇතිවීම
  • උසස් සාරධර්ම වලින් යුත් සමාජයක් බිහිවීම

දුටුගැමුණු රජතුමා

 මව: විහාරමහා දේවිය

 පියා : කාවන්තිස්ස රජු ( රුහුණේ පාලකයා )

 සොහොයුරා : සද්ධාතිස්ස රජු

 රට බේරා ගැනීමේ අපේක්ෂාවට පියාගේ වූ අකමැත්ත නිසා පියාගෙන් ඈත්ව කොත්මලේ ප්‍රදේශයේ ජීවත් විය.( එවකට අනුරාධපුරය අගනුවර කොටගෙන  එළාර රජු රට පාලනය කළ අතර ඊට පෙර සේන ගුත්තික යන දකුණු ඉන්දියා අක්‍රමණිකයන්…)

 පියාගේ අභාවයෙන් පසු, විජිතපුර සටනින් එළාර රජු පරදා රට එක්සේසත් කළේය

 රුවන්වැලි සෑය, මිරිසවැටිය, ලෝවාමහාපාය ඉදි කළේය.

 දේවානම්පියතිස්ස රජු ඇරැඹූ මහා විහාරය අංගසම්පූර්ණ බෞද්ධ මධ්‍යස්ථානයක් කළේය.

 ඊට අමතරව විහාර හැට අටක් ඉදි කළ බව සඳහන්වේ.

 වසර 24ක් රජකම් කළ අතර වෙසක් උත්සව විසි හතරක් පවත්වා ඇත.

 ආරෝග්‍යශාලා පිහිටුවන ලදී.

 සෑම ගමකම ධර්මදේශනා පැවැත්වීමට කටයුතු කළේය.

 තමා කල යහපත් ක්‍රියා පින් පොතක සටහන් කළේය.

 “මාගේ මේ වෑයම බුදු සසුනේ චීරස්ථිතිය පිණිස මිස රජසැප පිණිස නොවන්නේය”. – රජුගේ අභීත සටන් පාඨයයි.

අනගාරික ධර්මපාල තුමා

 උපත:1864 සැප්තැම්බර් 17

 නම: දොන්ඩේවිඩ් හේවාවිතාරණ.

 මව: මල්ලිකා ගුණවර්ධන මැතිණිය, පියා: දොන් කරෝලිස් හේවාවිතාරණ මහතා.

 අධ්‍යාපනය ලැබුවේ ක්‍රිස්තියානි පාසල් වලය.

 පන්සල ඇසුරු කිරීමෙන් ජීවිතය වෙනස් විය.

1873 පානදුරා වාදය ලොව පුරා ප්‍රසිද්ධ වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙරටට පැමිණි හෙන්රි ස්ටීල්  ඕල්කට් තුමා  ” පරම විඥානාර්ථ” සමාගම පිහිටුවා ” සරසවි සඳරැස ” පුවත්පත ද ඇරඹිය.

 ඕකට තුමාගේ දේශන අසා ඔහු සමග වැඩ කිරීමට තීරණය කළ ඩේවිඩ් තරුණයා රටවටා ගොස් ඕල්කතුමාගේ දේශන සිංහලට පරිවර්තනය කළේය. තම දේශීය නමද වෙනස් කළේය.

 ගව මස් කෑමට, සුරා පානයට එරෙහිව දේශන පැවැත්වීය.

 ඕල්කට් තුමා සමග එක්ව ඉරිදා පාසල් 50කට අධික සංඛ්‍යාවක් ඇරඹීය.

 මහන්තා නමැත්තාගෙන් බුද්ධගයාව බේරා ගන්නා ලදී.( සිංහලයිනි නැගිටිව් – බුද්ධගයාව බේරා ගනිව්.)

 එංගලන්තයේ ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානය කල්කටාවේ ධර්ම ජාතික මහා විහාරය බරණැස මූලගන්ධ කුටි විහාරය ආදිය ඉදිකළේය.

1931 දී (57 වන වියේදී ) ගිහිකුලෙස අවසන් දේශනය විද්‍යෝදය පිරිවනේ දී සිදු කළේය.

 සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි වී 1933 ජනවාරි16 දින උපසම්පදාව ලබා ගත්තේය.

” සම්බුදු සසුන බේරාගැනීමට තවත් 25 වතාවක් දඹදිව ඉපිදේවා” යන පැතුම සහිතව 1933  වන දින අපවත් වූහ.

වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සංඝරාජ මාහිමි

 මහනුවර යුගයේදී (ක්‍රි. ව. 1480 – 1815) පිරිහී ගිය ශාසනය නගා සිටුවීමට පුරෝගාමී විය.

 උපත: 1698 ජූනි 18 උඩරට තුන්පනේ වැලිවිට ප්‍රදේශයේ දී කුලතුංග බණ්ඩාර නමින් …

 අවුරුදු 16දී මහනුවර සූරියගොඩ විහාරයේදී වැලිවිට සරණංකර නමින් පැවිදි විය.

 උඩරට රාජධානිය නායක්කර් වංශික අබෞද්ධ රජවරුන්ගේ පාලනයට යටත්ව සංස්කෘතික පරිහානියකට ලක්ව තිබූ එකල පොත්පත්, ගුරුවරුන් සොයා ගැනීමට දුෂ්කර විය.

 සිංහල, පාලි,  සංස්කෘත, බුද්ධ ධර්මය, කාව්‍ය ශාස්ත්‍රය වැනි විෂයන් ස්වෝත්සාහයෙන් උගත්තේය.

 පිරිහෙමින් පැවති ශාසනය නගා සිටුවීමට “සිල්වත් සමාගම” පිහිටුවීය.

 උපසම්පදා භික්ෂූන් මෙරට නොසිටි නිසා කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ උදව්වෙන් සියම් (තායිලන්තයෙන්) රටින් උපාලි තෙරුන් ඇතුළු උපසම්පදා භික්ෂූන් 20ක් වැඩමවා 1753 දී උපසම්පදාව ලබා මෙරට ශාසනික පුනරුදයක් ඇති කළහ.

 කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සඟරජ පදවිය පිරිනමන ලදී.

 තල්පතක “උඩඟු නොව මහණ” ලෙස ලියා ආරාමයේ පිවිසුම් දොරටුවේ අලවා තැබූහ.

 වෙනත් ශාසනික සේවා

  • උඩුනුවර නියමකන්දේ පිරිවෙනක් පිහිටුවීය.
  • අනුරාධපුර, පොළොන්නරුව, දඹුල්ල ආදී ස්ථානවල බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම.
  • මහනුවර දේවාල පෙරහැරට, දළදා වහන්සේට උපහාර පිණිස මාලිගාවේ “මහ පෙරහැර” එක් කිරීමට ක්‍රියා කිරීම.
  • ධර්ම ග්‍රන්ථ රචනා කිරීම.
    • මුනිගුණාලංකාරය
    • සතර බණවර සන්නය
    • රත්නත්‍රය ප්‍රණාම ගාථා සන්නය
    • සාරාර්ථ සංග්‍රහය

 ආදර්ශ :-

  • නිරහංකාර බව
  • අධිෂ්ඨානය
  • අල්පේච්ඡ ජීවිතය
  • දුෂ්කරතා මැද අධ්‍යාපනය ලැබීම

 අවුරුදු 80දී ( 1778 ඇසළ පෝ දින ) අපවත් වූහ.

රේරුකානේ චන්දවිමල මහ නා හිමි

 උපත: 1897 ජුලි 19 දී කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ආසන්නයේ රේරුකාන ගමේදී

 නම : රූබල් ගුණවර්ධන

 මව: මුනසිංහගේ පොඩි නෝනා මාතාව 

 පියා : පවුලිස් ගුණවර්ධන මහතා

 බුරුම ජාතික විනයාලංකාර හිමියන් යටතේ 1906.01.27 දින පැවිදි විය.

1908 දී බුරුමයට වැඩම කොට බුරුම භාෂාව, සූත්‍ර, විනය,  අභිධර්මය ප්‍රගුණ කළහ.

 1917 බුරුමයේ ධම්මිකාරාම සීමාවේදී උපසම්පදාව ලබාගත්හ.

 පසුව මෙරටට වැඩම කොට දෙමටගොඩ මහා විශුද්ධාරාම පන්සලේ වැඩ විසීය.

 ග්‍රන්ථ 25 කට වඩා රචනා කර ඇත.

  • පොහොය දිනය
  • බෞද්ධයාගේ අත්පොත
  • අභිධර්ම මාර්ගය
  • ධර්ම විනිශ්චය
  • පාරමිතා ප්‍රකරණය

 මුදල් පරමාර්ථයකින් තොරව ග්‍රන්ථ රචනා කළ අතර ඕනෑම අයෙකුට ඒවා උපුටා ගැනීමට තහනමක් නැති බව සඳහන් කර ඇත.

 උපාධි සහ ගෞරව නාම

 ප්‍රාචීන භාෂෝපකාර සමාගම – සම්මාන පණ්ඩිත උපාධිය

 විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය – අභිධර්මය පිළිබඳ මහාචාර්ය පදවිය සහ සාහිත්‍ය චක්‍රවර්ති  උපාධිය

 අනුරාධපුර බුද්ධ ශ්‍රාවක විද්‍යාලය – ප්‍රවචන විශාරද සම්මාන උපාධිය

 ශ්‍රී ලංකා ශ්වෙජින් නිකායේ මහානායක පදවිය (1976)

 අමරපුර සංඝ සභාව – අමරපුර මහා මභෝපාධ්‍යාය ශාසන සෝභන ගෞරව නාමය

 1997 ජුලි 4 දින අපවත් වූ අතර උන්වහන්සේගේ ඉල්ලීම අනුව සරලව අවසන් කටයුතු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *