10 ශ්‍රේණිය – 1 පාඩම තොරතුරු හා සනනිවේදන තාක්ෂණය  

දත්ත – වෙන් වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක, වචන සහ සලකුණු

තොරතුරු – දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් තොරතුරු නිපද වේ. තොරතුරු  තීරණ ගැනීමට උපකාරී වේ.

ආදානය  (Input) – දත්ත සකස් කිරීම සඳහා යොමුකිරීම

ප්‍රතිදානය (Output) – සකස් කළ දත්ත ලබා ගැනීම

පරිගණකය යනු පද්ධතියකි. පද්ධතියක ප්‍රධාන කාර්යය වන්නේ දත්ත ලබා ගැනීමත්, ඒවා සකස් කිරීම සහ සුරැකීමත්, අවශ්‍ය වූ විට අවශ්‍ය තොරතුරු ලබා දීමත්ය.

පද්ධතියක් යනු – යම්කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සංඝටක කිහිපයක් එකිනෙකට සම්බන්ධව ක්‍රියා කිරීමයි.

 පරිගණක පද්ධතියක සංඝටක  :

 ආදානය —–> සැකසීම —–> ප්‍රතිදානය

 පද්ධති සඳහා උදාහරණ :

 බැංකු පද්ධතියෙහි යොදා ගන්නා ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර

 පැමිණිම වාර්තා කිරීම සඳහා ආයතනවල භාවිතා කරන ඇඟිලි සලකුණු යන්ත්‍ර

 පුවත්පත්වල සහ සඟරාවල භාවිතා වන කිව් ආර් කේතය

 ගුණාත්මක තොරතුරක ලක්ෂණ :

 අදාළ බව

අංග සම්පූර්ණ බව

නිරවද්‍යතාව

කාලීන බව

පිරිවැය අවම වීම

 තොරතුරු සන්නිවේදනය – සකස් කරගන්නා ලද තොරතුරු වෙනත් අයෙකු හෝ වෙනත් පරිසරයක් හෝ සමග හුවමාරු කර ගැනීම

 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම් :

ඉ-රාජ්‍ය

කර්මාන්ත

ව්‍යාපාර

විනෝදාස්වාදය

ගමනාගමනය

කෘෂිකර්මාන්ත

සෞඛ්‍ය

අධ්‍යාපනය

ඉ – රාජ්‍ය :

 රජයෙන් පුරවැසියන්ට – G2C

  • රාජ්‍ය ආයතන නාමාවලිය
  • නීති පද්ධති
  • ශ්‍රී ලංකා සිතියම
  • වාහන බලපත්‍ර අලුත් කිරීම

 රජයෙන් වෙනත් රාජ්‍යවලට – G2G

  • රජයේ නීති රීති
  • සංචාරකයින් සඳහා සහය වීම
  • ශ්‍රී ලංකා සිතියම
  • ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන

 රජයෙන් ව්‍යාපාරවලට – G2B

  • බැංකු තොරතුරු
  • ව්‍යාපාර ලියාපදිංචිය
  • මුදල් ගෙවීම් සේවා

 රජයෙන් සේවකයින්ට – G2E

  • ආකෘති පත්‍ර
  • ගැසට්
  • චක්‍රලේඛ

 අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදවුම් :

 පන්ති කාමරයේදී

 ඕනෑම තැනකදී ඕනෑම වේලාවකදී අධ්‍යාපනය ලැබීමේ පහසුව

 ගුරුවරයාට ඉගැන්වුම්  ආධාරකයක් වීම

 ඉගෙනුම් කළමනාකරණය

 සැමටම මාර්ගගත දුරස්ථ අධ්‍යාපනය ඔස්සේ උසස් අධ්‍යාපනයට ළඟා වීමට අවස්ථාව සලසා දීම

 සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යෙදවුම් :

 වෛද්‍ය පරීක්ෂණ සඳහා

  • CAT යන්ත්‍රය- ශරීරයේ අභ්‍යන්තර කොටස් වෙන් වෙන් වශයෙන් ත්‍රිමාණ ලෙස රූපගත කළ හැකිය
  • MRI යන්ත්‍රය- රේඩියෝ තරංග හා ප්‍රබල චුම්භක අනු නාද මගින් ශරීරයේ අභ්‍යන්තර කොටස්වල සවිස්තරාත්මක රූප සටහන් ලබා ගත හැකිය
  • ECG යන්ත්‍රය- හෘද ස්පන්ධනය නිරීක්ෂණය කිරීම සඳහා
  • හෘද රෝග තිරගැනීමේ යන්ත්‍රය – හෘදය ක්‍රියාකාරීත්වය පරිගණක තිරයක දැක්වීම
  • EEG යන්ත්‍රය- මොළයේ ක්‍රියාකාරීත්වය සටහන් කිරීම සඳහා
  • රුධිරයේ සීනි පරීක්ෂා කිරීමේ උපකරණය – රුධිරයේ සීනි පරීක්ෂාව
  • රුධිර පීඩනය මනින යන්ත්‍රය – රුධිර පීඩනයේ වෙනස්වීම මැනීම

 දුරස්ථ සෞඛ්‍ය රැකවරණය :

  • දුරස්ථ සෞඛ්‍ය උවටැන්
  • නිවසේ සිට අධීක්ෂණය
  • උපදෙස් ලබා ගැනීම
  • දුරස්ථ ශල්‍යකර්ම
  • දුරස්ථ පුහුණුව

 කෘෂිකර්මාන්තයේ යෙදවුම් :

 කාලගුණ මිනුම් යන්ත්‍ර

 ස්වයංක්‍රීය කුරුමිණි පාලන යන්ත්‍රය

 වගා බිමෙහි තත්ත්වය මනින යන්ත්‍ර

 ස්වයංක්‍රීය ජල සැපයුම

 ස්වයංක්‍රීය වල්පැළ ඉවත්කරණය

 රොබෝ තාක්ෂණයෙන් පැළ සිටුවීම

 රොබෝ තාක්ෂණයෙන් අස්වනු නෙළීම

 හරිතාගාර

 සත්ව ගොවිපළ සඳහා යෙදවුම් :

 ගුවන් විදුලි සංඥා හැඳුනුම් උපකරණය (RFID)

 තත්ත්ව පාලනය

 ආරක්ෂාව සඳහා – ච්ච්ට්ව්

 ගොවිපල කළමනාකරණය

 ධීවර කර්මාන්තයේදී :

 මසුන් සිටින ප්‍රදේශ හදුනා ගැනීමට සංවේදක උපකරණ භාවිතය

කර්මාන්ත හා ව්‍යාපාර සඳහා යෙදවුම් :

රොබෝ යන්ත්‍ර යොදා ගැනීම –

  • 24 පැයෙහිම සේවය
  • වෙහෙස නොවීම
  • කාර්යක්ෂම බව
  • නිරාවද්‍යතාව
  • පිරිසිදු බව

වීඩියෝ සම්මන්ත්‍රණ

මානව සම්පත් කළමනාකරණය

ඉ – බැංකු පද්ධති

මාර්ගගත සාප්පු සවාරි

ගමනගමනය සඳහා :

පියැවූ පරිපථ රුපවාහිනී කැමරා (CCTV)

විදුලි සංඥා ලාම්පු

හැඳුනුම් සංකේතය ක්‍රමය

විනෝදාස්වාදය සඳහා :

සමාජ ජාල සම්බන්ධතා

කැමරා භාවිතයෙන් පින්තුර ලබා ගැනීම

අන්තර්ජාලයෙන් ගීත බා ගැනීම සහ සවන් දීම

චිත්‍රපට නැරඹීම

පරිගණක ක්‍රීඩා

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ අනිසි ප්‍රතිපල :

  • ඇබ්බැහිවීම
  • සමාජ ජාල තුලින් නොගැලපෙන මිතුරන් ඇසුරට පත් වීම
  • අන්තර්ජාලය විධිමත් ලෙස භාවිත නොකිරීමෙන් පරිගණක වෛරස නිසා පරිගණකය ක්‍රියා විරහිත වීම හෝ පරිගණකයට හානි පැමිණවීම
  • අන්තර්ජාලයේ නොගැලපෙන වෙබ් පිටු හා සම්බන්ධ වීම නිසා මානසික විකෘතිතා ඇති වීමෙන් තමාටද සමාජයටද අවැඩක් සිදු වීම
  • පෞද්ගලිකත්වයට හානි වන ලෙස පින්තුර හා වීඩියෝ පට  විකෘති කර නිපදවිම

පරිගණකයේ පරිණාමය

  • පරිගණකයේ ආරම්භය – අවුරුදු 5000කට පමණ පෙර – ඇබකසය (ABACUS) – ගණනය පහසු කිරීම සඳහා උපකරණයක්
  • 1642 – Blaise Pascal – Adding Machine – ලොව පළමු වන යාන්ත්‍රික ගණිත කර්ම කරන උපකරණය
  • 1674 –  Gottfried Wilhelm Von Leibnitz – Pascal ගේ උපකරණය වැඩිදියුණු කර ඇත. – එමගින් බෙදීම, ගුණ කිරීම පහසුවෙන් කර ගත හැකිය.
  • Josep Jacquuard – සිදුරුපත් ක්‍රමය (punch card system)
  • Charles Babbage ( පරිගණකයේ පියා )- Analytical Engine – මෙම යන්ත්‍රය සඳහා පරිගණක වැඩසටහන් සකස් කලේ – ඇඩා ඔගස්ටා  ලව්ලේස් ( ලොව ප්‍රථම පරිගණක  වැඩසටහන් ශිල්පිනිය )
  • 1944 – Howard Aiken – ස්වයංකරණ අනුක්‍රමීය පාලන ගණක යන්ත්‍රය. මෙය MARK 1 ලෙස නම් කෙරිනි.

 පරිගණකයේ පරිණාමය පරම්පරා 5ක්‌ යටතේ බෙදා දැක්විය හැක.

 පළමුවන පරම්පරාව ( 1940-1956 )

 ප්‍රධාන දෘඩාංග තාක්ෂණය –  රික්තක නල

 භාවිත කරන ලද මෘදුකාංග- යන්ත්‍ර භාෂාව

එසෙම්බ්ලි භාෂාව

 ලක්ෂණ –      විශාල තාපයක් නිපදවයි

                     සෙමෙන් ක්‍රියා කරයි

                     ප්‍රමාණයෙන් විශාල වේ

එහා මෙහා ගෙන යා නොහැක

විදුලිය විශාල වශයෙන් පරිභෝජනය කරයි

                     මිලෙන් අධික වෙයි

 උදාහරණ –    ENIAC

EDVAC

EDSAC

UNIVAC

IMB 701

 දෙවන පරම්පරාව ( 1956-1963 )

 ප්‍රධාන දෘඩාංග තාක්ෂණය – ට්‍රාන්සිස්ටර්

 භාවිත කරන ලද මෘදුකාංග – උසස් මට්ටමේ ක්‍රම ලේඛන භාෂාව

එසෙම්බ්ලි භාෂාව

 ලක්ෂණ –      ප්‍රමාණයෙන් කුඩා වෙයි

                     අඩු තාප ප්‍රමාණයක් නිපදවයි

අඩු විදුලි පරිභෝජනයක් ඇත

                     වේගවත් වෙයි

                     මිලෙන් අධික වේ

 උදාහරණ-     Honey well 400

IBM 7030

CDC 1604

UNIVAC LARK

තුන් වන පරම්පරාව (1964-1975)

ප්‍රධාන දෘඩාංග තාක්ෂණය – අනුකලිත පරිපථ

භාවිතා කරන ලද මෘදුකාංග –           මෙහෙයුම් පද්ධතිය බිහි වීම

වැඩි දියුණු වු උසස් මට්ටමේ වැඩසටහන් භාෂාව

කේතනය හා උසස් මට්ටමේ පරිගණක භාෂා භාවිතය

ලක්ෂණ –       ප්‍රමාණයෙන් කුඩා වෙයි

                     අඩු තාප ප්‍රමාණයක් නිපදවයි

අඩු විදුලි පරිභෝජනයක් ඇත

                     වේගවත් වෙයි

                     මිලෙන් අධික වේ

උදාහරණ –     IBM-360/370

PDP-8

PDP-11

CDC 6600

හතරවන පරම්පරාව (1975-1989)

ප්‍රධාන දෘඩාංග තාක්ෂනය – ක්‍ෂුද්‍ර සකසනය

භාවිතා කරන ලද මෘදුකාංග –           චිත්‍රක අතුරුමුහුණත් සහිත මෙහෙයුම් පද්ධති (GUI)

UNIX මෙහෙයුම් පද්ධතිය

ලක්ෂණ –        ඉතා කුඩාය

එහා මෙහා ගෙන යා හැකිය

යාවත්කාලින කිරීම පහසුය

උදාහරණ –      IBM PC

Apple II

පස්වන පරම්පරාව (1989 සිට මේ දක්වා )

ප්‍රධාන දෘඩාංග තාක්ෂණය – අධික ප්‍රමාණයෙන් අනුකලිත පරිපථ (ULSI)

භාවිතා කරන ලද මෘදුකාංග –             වැඩි දියුණු වු චිත්‍රක අතුරුමුහුණත් සහිත මෙහෙයුම් පද්ධති

අන්තර්ජාල සහ බහු මාධ්‍ය යෙදවුම්

කෘතීම බුද්ධිය

අකුරු හඳුනා ගැනීම

ලක්ෂණ –        එහා මෙහා ගෙන යා හැකිය

අඩු වියදම් සහිතය

ප්‍රමාණයෙන් කුඩාය

හැසිරවීම පහසුය

විශ්වාසවන්ත භාවය හා කාර්යක්ෂමතාව ඉතා ඉහලය

උදාහරණ –      IBM notebooks

Pentium PCs

SUN workstations

Download PDF

Leave a Reply

Your email address will not be published. Required fields are marked *